ජලනි පේ‍්‍රමදාස නිවසක් බලෙන් අල්ලාගනී.. අයිතිකරු නඩු දමයි..

October 7, 2021 at 10:02 pm | lanka C news
ජලනි පේ‍්‍රමදාස නිවසක් බලෙන් අල්ලාගනී.. අයිතිකරු නඩු දමයි..

සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිද ජලනි පේ‍්‍රමදාස මහත්මිය විසින් තම නිවසක් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින බව කොළඹ 7 කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු චෝදනා කරයි.

2007 වසරේ සිට කුලී පදනම මත නිවස ජලනි ප්‍රේමදාස මහත්මිය විසින් භාවිතා කළ ද දැනට ලක්ෂ 35 ක පමණ හිග කුලී මුදලක් තමන්ට දීමට නියමිතව ඇතැයිද ඔහු සඳහන් කරයි.

ඔවුන් විසින් දිගින් දිගටම කුලී මුදල් ගෙවීම පැහැර හරිමින් ඇති බවත් නිවස මිලදී ගැනීමට සාකච්ඡා කළ ද ඒ සඳහා වුවද මුදල් ගෙවීම් නොකරන බව ද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කටයුත්තක් ක්‍රියාත්මක කර ඇති බවද පැවසූ ඔහු තමාට අවශ්‍ය වන්නේ තම නිවස නිදහස් කර ගැනීම හෝ නිවසේ වර්තමාන වටිනාකමට ඔවුනට එම නිවස විකුණා දැමීම බවත් කියා සිටී.

127,978 views

34 Comments to “ජලනි පේ‍්‍රමදාස නිවසක් බලෙන් අල්ලාගනී.. අයිතිකරු නඩු දමයි..”

  1. පොඩි එකා says:

    ලෝකෙට පරකාසේ… ගෙදරට මරගාතේ …

  2. LalithM says:

    අවුරුදු 14 කුලියට ඉඳලා ලක්ෂ 35 නම් හිඟය කොළඹ හතේ පෙට්ටි කඩයක් වත් වෙන්න බැරිව වගේ.

    • Dp says:

      ඒ මනුස්සයා පැහැදිලිව වෙලා තියෙන දේ කිව්වා. ඒක අහලා තේරුම් ගන්න බුද්ධියක් නැත්නම් කාටවත් වැරදි කියලා වැඩක් නෑ.

  3. Harsha says:

    Anee mehemath minissu. නොදකින් විතරක් හිගන්නා. සජිය කියන්නේ ලංකාවේ හිටපු ජනාධිපති කෙනෙකුගේ පුතෙක් නේද?. යකෝ ජනාදිපතිවරුන්ගේ පුත්තු ඉන්ඩ ඕනෑ විදිහ මේ මෝඩය දන්නේ නැද්ද? අතේ බදින ඔර්ලෝසුව ලක්ශ 80 යි. පලදින සපත්ත්තු ජෝඩව ලක්ශ 6යි .ශර්ට් ලක්ශෙන් උඩ .ඇතිකරන බල්ලො ලක්ශ 10න් උඩ. පූසො ලක්ශ 2 න් උඩ. බිරිද පාවිච්චි කරන අර්මානි හෑන්ඩ් බෑග් එක ලක්ශ 35 යි. ලංකාවෙ සහ පිට රටවල් වල මුන්ට තිබෙන ගෙවල් ප්‍රමාණය උන් දන්නෙත් නෑ .මේ ඔක්කොම කරන්නේ කිසිම රැකියාවක් නොකර .මේ හිගන්නට ගෙවල් කුලියවත් ගෙවාගන්ඩ බෑ .රුපියල් 250 බාට සෙරෙප්පු දාන එකෙකුට කවුද චන්දෙ දෙන්නේ. තුංං නෙදකින් අනික් ජනාදිපතිවරුන්ගෙ දරුවන්ගෙත් නම කනවා .

    • මානව says:

      Royal park , weerawila sanasuma, kahabiliyawatta, Bentota Lidia 5acre property with mansion , park road Bawa design ,no41 Galle fort …have your choice buddy.

  4. Suranimal says:

    රටේ දේපල හොරාකාල ඩොලර් බිලියන ගනන් විදේශ ගිනුම් වල තැන්පත්කරල ඉදිරි පරම් පරා සියගානකට මුදල් රැස් කරල තිබෙබෙන හොර තක්කඩි දේශපාලුවෝ ගැන කතා නොකර අවුරුදු ගානක් දේශපාලනය කරපු ඇමතිකම් දරපු හිටපු ජනාධ්පතිවරයෙකුගේ පුතෙක් කුලීගෙදරක ගෙවල් කුලී ගෙවාගන්ඩ බැරිව සිටින එක ගැන කතාකිරීම පවා ඒ ජඩ ජනමාද්‍ය ගැන ඇතිවන්නේ පිළිකුලක්.

    • sumathi says:

      අම්මෝ ගම් කුකුළා. නිවාස සංවර්ඩන අමාත්‍යංශෙ විතරක් මිලියන 350ක විතර මුදල් වියදම් කරේ මොකටද කරපු එව්වා සෑහෙන ගුණයකින් වැඩියි සජිත් ඇමතිතුමාගෙ කාලෙ. එයා එවා දන්නෙ නෑලු නිලඩාරීන්ගෙන් අහන්නලු

    • Amila says:

      Then you must feel same for Namal Rajapaksha. May be same for Daham Sirisena. I feel like that only for Vimukthi Kumarathunga

  5. Jayanath says:

    සජිත්ට කුලී ගෙදරක සිටීමට කිසිම අවස්‍යතාවයක් නෑ. ඔහුට කොලබ 7 න් විපක්ශ නායක නිළ නිවසක් තිබෙනවා. නමුත් එය මන්ත්‍රී දූරයක් පමනක් හොබවන සම්බන්ධන්ට දීල තිබෙන්නේ එය දුන්නෙ මහින්ද. සජිත්ගේ තිබෙන නිහතමානී කොමට එය කිසිදිනක ඉ ල්ලුවේ. නෑ. ජනාදිපති මැදිහත් වෙලා එය ලබාදිය යුතුයි. සජිත් කියන්නේ හොරකම් නොකරපු ඩඩ්ලි ඩී ඇස් වගේ පුද්ගලයෙක්. ඔහුට තිබෙන චෝදාව නිවාස සංවර්ධන අධිකාරියේ මුදල් ආගමික ස්තාන වලට ලබා දුන්න කියන චෝදනාව. මේ චෝදනාව නිතර උලුප්පල දැක් උනේ මහජන මුදල් හොරාකාල තම පුද්ගලික ගිනුමට දැම්මටත් වඩා බරපතල චෝදනා ලෙස .

  6. බොරු ජෙප්පා says:

    ඉතිහාසෙ පටන්ම මුං හොරුනේ කොහොමත්…හොර කම් නොකළ නම් මුං තාම ඉන්න ඕන කෙහෙල්වත්තෙ මුඩුක්කුවෙ….අප්ප පියන් ජොබ් එකක්වත් කළේ නෑ බූරු පුතාණෝ පියන් ජොබ් එකක්වත් කලේ නෑ දේශපාලනේ හැර.

    • Upul Attanayake says:

      jeppo kiyanne pahara kalakanni horu set ekak thama.umbalath rupyala deka higakalath karanne horakama thama.
      hamputhalata kade noya manussayo vage idapalla….
      nodakin wahal bath belayo inna ratak….
      mata umbala okkoma wahallu wage penne.
      mama me kiuwvata. mata oya raten ganna deyak nehe.
      panuwek welavath mama aye oya butha lanthe ipadenne nehe

  7. හේමවතී ඇලෝසියස් says:

    පියානෝ ලැවරියා විකුණලා හම්බ කරපු බිලියන ගණන් ඇතිනේ. ඒවා යින් ඔන්න ඕක ගෙවල දාන්න.

  8. ඇල්බට් says:

    ඇයි සජිතයා මද්‍යම සංස්කෘතික අරමුදලින් හොරා කාපු සල්ලි ඔක්කොටම අමතක වෙලා වගෙ.

Main News