ජලය අක්කර අඩි පනස් දහසක් මොරගහකන්දෙන් බෙදයි..
August 7, 2017 at 8:05 am | lanka C news
මොරගහකන්ද ජලාශයේ රැස්කර තිබූ අක්කර අඩි එක්ලක්ෂ තිස් දහදක ජල ධාරිතාවෙන් මේ වන විට අක්කර අඩි පනස් දහසක් ගොවි කටයුතු සදහා මුදා හැර ඇතැයි ව්‍යාපෘති කාර්යාලය කියයි.
මින්නේරිය,කවුඩුල්ල,කන්තලේ සහ පරාක්‍රම සමුද්‍රය ආදී ජලාශ හතර වෙත මුදාහැර ඇති ජලය හේතුවෙන් ප්‍රදේශවල වගාවන් ආරක්ෂා කර ගැනීමට හැකිවී ඇතැයි ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරි පී.ජී. දයානන්ද මහතා සදහන් කළේය.
මීට අමතරව මිරිදිය මත්ස්‍ය වගාකටුයතු ද මොරගකන්ද ජලාශයේ සිදුවන අතර ඉදිරියේ දීත් ගොවිජනතාවගේ අවශ්‍යතා ජලය මුදා හැරීමේ කටයුතු සිදුකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇතැයි දයානන්ද මහතා වැඩිදුරටත් සදහන් කළේය.
– ඉන්දික අරුණ කුමාර
ගිවිසුමෙන් රටට වෙච්ච පාඩුවට වඩා මේ වෙච්ච දේ දේශපාලනයේ ලොකු කතා බහකට ලක් වුණේය. ඒ කියන්නේ මෛත්‍රීගේ වචනය කිසිදු බලයක් නැති වැදගත් කමක් නැති වුණ එක ගැනය. ඇත්තටම මේකෙන් මෛත්‍රී නිකම්ම නිකන් රූකඩයක් දෝ යන්න කතා බහට ලක් වුණේය. සිද්ධ වෙච්ච දේ දිහා බැලුවම ඒක එහෙමම තමාය. මේ වෙච්ච ලැජ්ජාව වහගන්න මෛත්‍රී පහුවදාම තද සැර කතාවක් කළේය. “පැහැදිලිවම සංශෝධනයට ඉඩ තියෙනවා. එක බිම් අඟලක්වත් අපි විකුණන්නේ නැහැ. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය කාටවත් දෙන්නේ නැහැ.” කියාගෙන කියාගෙන ගියේය. ලැජ්ජාව වහගන්න ආරූඪ කරගත්ත තද බවක් පෙන්නුවේය. මෛත්රිගේ මෙවැනි හැසිරීම් මීට ඉහතින් වාර ගණනාවකදී දැක ඇත්තේය.