ජලය පිරිසිදු කරන්න බාල රසායන ද‍්‍රව්‍ය තොගයක්…

March 26, 2022 at 4:40 pm | lanka C news

ජලය පිරිපහදු කිරීම සදහා ප්‍රමිතියෙන් තොර රසායනික ද්‍රව්‍ය තොගයක් ප‍්‍රමිතිය නොසලකා මිලදී ගැනීමට සූදානමක් ඇතැයි ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සඳහන් කරයි.

මෙම රසායන ද්‍රව්‍ය හේතුවෙන් පානීය ජලයේ ගුණාත්මක භාවයත් පිරිපහදුවල පෙරනයක් මෙන්ම යන්ත්‍ර සූත්‍ර වලට ද හානි වීමට ඉඩ ඇති බවත් ඔවුන් කියා සිටී.

මෙම තත්ත්වය සමස්ත ජල පාරිභෝගිකයාට ම බලපාන විශේෂ දෙයක් බවද ඔවුන් පවසති.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති සහ සාමාන්‍යාධිකාරී වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් මෙම දැනුම්දීම කර ඇත.

අදාල ලිපිය මෙසේය.

9,357 views

2 Comments to “ජලය පිරිසිදු කරන්න බාල රසායන ද‍්‍රව්‍ය තොගයක්…”

  1. එරික් says:

    මේකේ ලැබ් ඇසිස්ටන්ගේ නම දාලා නැත්තේ ඇයි? මෙයා ජේවීපී කාරයෙක් වෙන්න පුලුවන්. මේක තමයි සරලම පරීක්ෂණය. වැරදි සාම්පල් අරගෙන වැරදි ප්‍රතිඵල දීලා වගේ පෙනෙන්නේ. ඇලුමිනියම් සල්පේට් වල මෙතරම් අපද්‍රව්‍ය නැහැ. මේ ලියවිල්ල අත්සන් කරපු උසස් නිලධාරියා ගැනත් සැකයි.

  2. The Funeral Director says:

    නැටිට උස්සා කෑ ගැසීමට තරමි හානිකර පුමිති ඌන තාවයක් මෙි රිපෝටි එකේ නැත. Water insoluble matter නමැති ගුනාංගය මීට ඉහත වාර්තා වල හරියට තිබුනද කියල පරන රිපෝටි පෙන්නන්කෝ.
    අපි මෙි දවස්වල කන බොන දේවල් වල හැටියට මෙික නතිං.
    ⁣මෙි කෙමිකල් ලෝඩි එක රිටන් යවල බොන වතුර අර්බුදයක් ඇති කරන්න එපා.
    චීන ගූ නැව වගේ ආතල් ආයි එපා.
    චීන හාල් පිනට කන්න සිද්ද වෙචිච අපිට ඇමරිකන් ස්ටෑන්ඩර්ඩි කුමට?

Main News