ජලය සොයා පැමිණි අලි පැටවා අඩි 30ක ළිඳකට වැටිලා.. දැඩි පරිශ්‍රමයකින් බේරා ගැනේ..

June 3, 2019 at 2:05 am | lanka C news
ජලය සොයා පැමිණි අලි පැටවා අඩි 30ක ළිඳකට වැටිලා.. දැඩි පරිශ්‍රමයකින් බේරා ගැනේ..

වව්නියාව කනගරායන් කුලම් ප්‍රදේශයේ පිහිටි අඩි 30 ක් පමණ ගැඹුරු වගා ළිඳකට අලි පැටවෙකු වැටී සිටියදී පැය 7 ක පමණ දැඩි පරිශ්‍රමයකින් අලි පැටවා බේරාගෙන රක්ෂිතයට මුදා හැරීමට පියවර ගත් බවට වව්නියාව වනජීවි නිලධාරීන් පවසූහ.

රාත්‍රියේ මෙම අලි පැටවා ජලය සොයා පැමිණි අවස්ථාවකදී මෙම වගා ළිඳට වැටී ඇති අතර අලි පැටවාගේ කෑගැසීම නිසා අසල් වාසියෙකු දැක ඒ බව වව්නියාව වනජීවි නිලධාරී කාර්යාලය වෙතට දැනුම් දීමෙන් පසුව වනජීවි නිලධාරීන් විසින් අදාල ස්ථානයට ගොස් පස්කපන යන්ත්‍රයක් ආධාරයෙන් අලි පැටවා බේරාගෙන අසල පිහිටි රක්ෂිතයකට මුදා හැරීමට පියවර ගෙන ඇත.

වගා ළිඳට වැටී සිටි අලි පැටවා මාස 6 ක් පමණ අලිපැටවෙකු වන අතර ඇගේ මවද අසල රක්ෂිතයේ සිට කෑගැසීම හේතුවෙන් අලි පැටවා රක්ෂිතයට මුදා හැරීමට වනජීවි නිලධාරීන් කටයුතු කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,665 Viewers

One Comment to “ජලය සොයා පැමිණි අලි පැටවා අඩි 30ක ළිඳකට වැටිලා.. දැඩි පරිශ්‍රමයකින් බේරා ගැනේ..”

  1. Gotaimbara says:

    Theruwan Saranai

Main News