ජලය සොයා පැමිණි කිබුලෙකුට ගම් වාසින් පහර දීලා…

February 23, 2018 at 2:45 am | lanka C news
ජලය සොයා පැමිණි කිබුලෙකුට ගම් වාසින් පහර දීලා…

ජලය සොයා වවුනියාව තාන්ඩිකුලම් ප්‍රදේශයට පැමිණී කිබුලෙකුට ගම්වාසීන් විසින් පහර දීමෙන් බරපතල තුවාල ලබා සිටිය දී වන ජීවී නිළධාරීන් බේරාගෙන ප්‍රතිකාර කිරීමෙන් පසුව (22) උදෑසන පදවිය රක්ෂිතයට මුදා හැරීමට කටයුතු කරන ලදි.

තන්ඩිකුලම් ගම්මානයට පැමිණී කිබුලාට නිවෙස් හිමියන් කිහිප දෙනෙකු පහර දී තිබේ.පසුව පොලීසියේ 119 හදීසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව පොලීසිය එම ස්ථානයට ගොස් කිබුලා බේරගෙන ඇති අතර පසුව පොලීසිය විසින් වන ජීවි නිළධාරීන්ට දැනුම් දීමෙන් පසුව වව්නියාව වනජීවි නිලධාරීන් විසින් පැමිණ කිබුලාට ප්‍රතිකාර කරන ලදි.

ප්‍රතිකාර කිරිමෙන් පසු අද (22) උදෑසන පදවිය රක්ෂිතයට ගෙන ගිය අතර ප්‍රදේශයේ වියලි කාලගුණයක් පැවතීම නිසා ජලය සොයා වන සතුන් ගම්මානවලට එන බවට වනජීවි නිලධාරීන් වැඩි දරටත් කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

88 views
Main News