ජලය හරහාද කොරෝනා බෝවිය හැකියි.. මෘත දේහ ආදාහනය කල යුතුමයි.. සබ්රි වෙනුවෙන් රටේ නීති වෙනස් කල යුතු නෑ..

November 15, 2020 at 6:30 am | lanka C news
ජලය හරහාද කොරෝනා බෝවිය හැකියි.. මෘත දේහ ආදාහනය කල යුතුමයි.. සබ්රි වෙනුවෙන් රටේ නීති වෙනස් කල යුතු නෑ..

අධිකරණ ඇමැති අලි සබ්රි ඉස්ලාම් භක්තිකයෙකු වූ පලියට රටේ සෞඛ්‍ය නීතිය ඇතුළු නීති වෙනස් කිරීමට ඉඩ ලබා දිය යුතු නැතැයි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ පවසති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ කොරෝනා ආසාදිතව මිය යන කිසිදු පුද්ගලයකුගේ මෘත දේහයන් ආදාහනය කල යුතු බවයි.

රජය මේ අවස්ථාවේදී තීන්දු කළ යුත්තේ මුළු රටේම ජනතාවගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව ගැන නිවැරදි තීන්දුව යයිද හිමියෝ පැවසූහ.

කොරෝනා මෘතදේහයන් භූමදානය කිරීම ඉස්ලාම් ආගමිකයන්ගේ සිරිතක් වුවද කොරොනා වැනි විසබීජ ශරීරගතව මියගිය විට එම මෘත දේහයන් භූමදානය නොකර ආදාහනය කිරීමට එම ආගමික නායකයන් නම්‍යශීලී විය යුතු බව ද උන්වහන්සේ කියා සිටියහ.

විශාල ලෙස උල්පත් ජලය, ලිං ජලය බහුලව භාවිතා කරන ශ්‍රී ලංකාව වැනි අධික ජන ඝනත්වය සහිත රටක මෙවැනි මළ සිරුරු භූමදානය කිරීමෙන් ජලය හරහා විෂබීජ විශාල ලෙස පැතිරී යාමේ අනතුර ඉහළ උන්වහන්සේ පැවසූහ.

29,971 views

21 Comments to “ජලය හරහාද කොරෝනා බෝවිය හැකියි.. මෘත දේහ ආදාහනය කල යුතුමයි.. සබ්රි වෙනුවෙන් රටේ නීති වෙනස් කල යුතු නෑ..”

  1. mali says:

    Ali sabri has got into parliament using sinhala votes.Basically he hijacked sinhala votes.He could not get muslim votes for this government.But he is now acting like he is the sole representative of entire people.he has got such a power to dictate terms above the expert comit tee and he has tried imposing threats via united nations office in srilanka.
    He should be taught and reminded his position and asked to obey the officials of this country rather than working on muslim way going around various parties bribing them and cheating officials to fulfill their corrupt deals.

Main News