ජලාශයේ කාන්තා මල සිරුරක් පාවේ…

March 25, 2021 at 5:30 pm | lanka C news
ජලාශයේ කාන්තා මල සිරුරක් පාවේ…

ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබු නාදුනන කාන්තා මල සිරුරක් (25) දින සොයගත් බව තලවකැලේ පොලිසිය පැවසිය.

තලවකැලේ සුමන විද්‍යාලයට ආසන්නයේ ජලාශයේ තිබි මල සිරුර හමුවි ඇත.

ඉහල කොත්මලේ ජලාශයේ නාදුනන මල සිරුරක් පාවෙමින් තිබෙන බවට පොලිසියට ප්‍රදේශවාසින් විසින් ලබාදුන් තොරතුරක් මත සිරුර සොයාගෙන ඇත.

ජලාශයේ පාවෙමින් තිබු සිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරික්ෂණය සදහා සිරුර නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව තලවකැලේ පොලිසිය පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ  

8,191 views
Main News