ජලාශයේ පාවෙමින් තිබි හමු වු කාන්තා මල සිරුර ඝාතනයක්…. සැමියා අත්අඩංගුවට…

March 30, 2021 at 2:19 am | lanka C news
ජලාශයේ පාවෙමින් තිබි හමු වු කාන්තා මල සිරුර ඝාතනයක්…. සැමියා අත්අඩංගුවට…

ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබියදි ඉකුත් 25 දින තලවකැලේ පොලිසිය විසින් ගොඩගත් කාන්තා මල සිරුර හදුනාගත් බවත්, එම කාන්තාව ඉහල කොත්මලේ ජලාශයට පැන සිය දිවි හානිකරගෙන නොමැති බවත්, සැමියා විසින් සිය බිරිදව ඝාතනය කර සිරුර වැන් රථයකින් රැගෙනවිත් ඉහල කොත්මලේ ජලාශයට දමා ඇති බවට තහවුරු වු බව තලවකැලේ පොලිසිය පැවසිය.

මෙසේ ඝාතනය කර ඇත්තේ ආගරපතන පොලිස් වසමට අයත් ටොරිංටන් වතුයායේ පදිංචි වනරාජා සිත්තරවල්ලි (28) නැමති දෙදරු මවකි.

ඉකුත් 23 දින  සැමියා සහ  බිරිද අතර නිවසේදි ආරවුලක් ඇති වි ඇති අතර. එහිදි සැමියා විසින් පොල්ලකින් බිරිදගේ හිසට පහර දි ඝාතනය කර 24 දින රාත්‍රියේ සැමියා විසින් වැන් රථයකින් සිරුර රැගෙන ගොස් ඉහල කොත්මලේ ජලාශයට දමා ඇති බවයි ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ආගරපතන පොලිසිය කියා සිටියේ.

සැකකාර සැමියා ආගරපතන නගරයේ වැන් රථයක රියදුරෙක් වශයෙන් කටයුතු කරන බවත්, 24 දින රාත්‍රියේ වැන් රථයේ අයිතිකරුගේ වැන් රථය තම නිවස වෙත රැගෙනවිත් අසල්වාසින්ට නොදැනෙන සේ සිරුර වැන් රථයේ දමාගෙන රැගෙන ගොස් ඇති බවට දැනට කරන ලද මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.

මිය ගිය දෙදරු මවට අවු 1 ½ සහ අවු 04 ක වයසැති දරුවන් දෙදෙනෙකු සිටින බවත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැමියා පිලිබදව සැකසිතු තලවකැලේ සහ ආගරපතන පොලිසියේ නිලධාරින් සැකකාර සැමියාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදි සැකකරු විසින් ඝාතනය සම්බන්ධයෙන් පාපොච්චාරණය කර ඇත.

මිය ගිය කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මහ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර, ඝාතනය සම්බන්ධයෙන් නුවරඑලිය ජෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික උඩුගමසුරිය , සහකාර පොලිස් අධිකාරි 02 ටි.ලුඩවයික් යන මහතුන්ගේ උපදෙස් පරිදි තලවකැලේ සහ ආගරපතන පොලිසිය වෙන් වෙන්ව පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

21,165 views
Main News