ජලාශයේ පාවෙමින් තිබු කොටි සිරුරක් සොයා ගැනේ…

August 8, 2021 at 8:02 am | lanka C news
ජලාශයේ පාවෙමින් තිබු කොටි සිරුරක් සොයා ගැනේ…

මස්කෙලිය කැනියොන් ජලාශයේ පාවෙමින් තිබු හොදින් වැඩුණු කදුකර කොටියෙකුගේ මල සිරුරක් සොයාගත් බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණතිලක මහතා පැවසිය.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කැනියොන් ජලාශයේ ජල මට්ටම  ඉහල ගොස් තිබියදි ජලාශයේ කදුකර කොටියෙකුගේ සිරුරක් පාවෙමින් තිබෙන බවට එම ජලාශ භාර ඉංජිනේරුවන් විසින් නල්ලතන්නිය වනජිවි කාර්යාලය වෙත කල දැනුම් දිමක් මත කදුකර කොටියාගේ සිරුර පස්වරුවේ ගොඩගත් බවයි ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ.

අවු 08 පමණ වයසැති හොදින් වැඩුණු කදුකර කොටියා පිරිමි සතෙකු බවත්, දිග අඩි 6 පමණ සහ උස අඩි 3 පමණ වු කදුකර කොටියා ජලාශය හරහා එගොඩ විමට ගොස් ජලාශයේ ගිලි මිය යන්නට ඇති බවට වනජිවි නිලධාරි සැකකරයි.

මිය ගිය කොටියාගේ සිරුර (07) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත් නිමේෂා පටබැදිගේ මහත්මිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මිය ගිය කදුකර කොටියාගේ සිරුර පශචාත් මරණ පරික්ෂණය සදහා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමු කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය විසින් නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින්ට නියෝග කලහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

11,560 views

4 Comments to “ජලාශයේ පාවෙමින් තිබු කොටි සිරුරක් සොයා ගැනේ…”

  1. Madahewa says:

    2 or 4 legs? Waarakan walata ahuwunaada danne naha?

  2. කැස්බෑවා says:

    වාරකන් සැරයි

    • ගෞම් ඊයාරාජ් says:

      මුදූ කොටී වාරකං කාලේට මූදේ ඉදලා වෙරලට ගොඩගහනවා , ඇයි අවුල්ද ?

  3. ගෞම් ඊයාරාජ් says:

    ටෞකන්ඩ කොටී නැගිටලා විතරක් නෙමේ දැන් මුන් පාවෙනවා. ඉක්කනට පොස්ට් එකක් දාලා ජාත්‍යාලේ නග්ගලා ,අපේ කොල්ලො ටික කෙලින් කරලා ගන්නොනේ.

Main News