ජලාශවල ජල මට්ටම පහලටම බසි… ප‍්‍රදේශවාසීන් පතුලේ ක‍්‍රිකට් ගසති..

May 12, 2019 at 5:30 pm | lanka C news
ජලාශවල ජල මට්ටම පහලටම බසි… ප‍්‍රදේශවාසීන් පතුලේ ක‍්‍රිකට් ගසති..

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තවදුරටත් පහල බැස ඇති බව විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු පැවසිය.

එම ජල පෝෂක ප්‍රදේශවලට නිසි කලට වර්ෂාව  නොලැබිම නිසා ජලාශවල ජල මට්ටම තවදුරටත් පහල බැස ඇති බව එම නිලධාරියා කියා සිටියේය.

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල දැනට 30% පමණ ජල ධාරිතාවක් පවතින බවත්, එම ජලාශ දෙකෙන් කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන , විමලසුරෙන්ද්‍ර සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පදනය සදහා ජලය සපයනු ලබයි.

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තවදුරටත් පහල බැසිම හේතුවෙන් එම ජලාශයට යට වු දුපත් රැසක් සහ නටබුන් රැසක් මේ වන මතු වි ඇති අතර එම ජලාශයේ ඇතැම් ස්ථානවල ප්‍රදෙශවාසින් විසින් ක්‍රිඩාපිට්ටනියක් සේ භාවිතා කරයි.

ජලශ දෙකේම ජල මට්ටම අඩු විම නිසා එම ජලාශ දුපත් වල විවිධ වර්ගයේ මල් සහ වල් පැළැටි බිහි ඇති අයුරු දක්නට ලැබේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

23,475 Viewers
Main News