ජලාශ හිදේ.. ජල විදුලිය පහල බසී.. විදුලි කප්පාදුවක් ලගම?
March 7, 2019 at 12:40 pm | lanka C news
රට පුරා ඇතිව තිබෙන දැඩි වියලි කාලගුණ තත්වය හේතුවෙන් මෙරට ප්‍රධාන විදුලි බලාගාර ආශ්‍රීත ජලාශයන්හි ජල මට්ටම විශාල වශයෙන් පහත බැස ඇත.
මේ වන විට මාවුස්සාකැලේ, කාසල්රී, වික්ටෝරියා, කොත්මලේ, රන්දෙණිගල සමනලවැව ජලාශවල 40% ආසන්න ජල මට්ටමකට පහල බැස ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සදහන් කරයි.
ඇතිව තිබෙන තත්වය මත ඉතා අරපිරිමැස්මෙන් විදුලිය භාවිතා කරන්නැයිද අමාත්‍යංශය ඉල්ලා සිටී.
විදිලිය කප්පාදුවක උනමනාවක් දැනට ඇතිව නැතැයිද ඔවුන් වැඩි දුරටත් කියයි.
වතුර හිදුනට වැඩි අවුලක් වෙන්නෙ නෑ.
වොක්ස්වැගන් ෆැක්ටරිය ආවම එකෙ තියන ජෙනරේටර් වලින් ලංකාවටම වුනත් ලයිට් දෙන්න පුළුවන් කියලා හන්දියේ ජෝන් අයිය කිවුව.
විදුලිය කැපුවම වැඩිම පාඩුව ධනපතියන්ට.
එතකොට උන්ගේ කර්මාන්තශාලා වැහෙනවා.
අපේ ශ්‍රමය සූරා කන ධනපතියෝ ලග වැඩට හාමිනේව යවනවට වඩා සැපයි අරාබියේ වැඩකරන්න හාමිනේ යවන එක.
Since 2015 no even one Solar power or wind power plant started…