ජල ඒකකයකට රුපියල් 150ක් යනවා.. අපි දෙන්නේ 12ටයි… ජල ගාස්තු වැඩි කරනවා..
June 22, 2017 at 8:40 am | lanka C news
ඉදිරි කාල සිමාව ඇතුලත ජල ගාස්තු ඉහල දැමීමක් සිදුවන බව නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්ය ඇමතිනී සුදර්ශනී ප්රනාන්දු පුල්ලේ මහත්මිය පවසයි.
ජනතාවට පානීය ජලය බෙදා දීම සදහා මණ්ඩලයට අධික පිරිවැයක් දරන්නට සිදුවීම මීට හේතුව බවද ඇය සදහන් කරයි.
ජල ඒකකයක් (ලීටර 1000ක්) පිරිපහදු කර බෙදා හැරීම සදහා මණ්ඩලයට රුපියල් 150ක් වැය වන බවද පවසන ඇය පාරිභෝගිකයනට ඒකකයක් ලබා දෙන්නේ රුපියල් 12කට බවද පවසයි.
මේ වන විට වෙලදපලේ ජල බෝතලයක් රුපියල් 70ක් පමණ වන නිසා මණ්ඩලයට මේ මුදලට ජලය ලබා දීම අලාබ යයිද ඇමතිනිය වැඩිදුරටත් කියා සිටියාය.