ජල ගාස්තුත් ඉහල දැමේ..
March 26, 2022 at 5:30 pm | lanka C news
ජල බිල්පත් ඉහළ දැමීම සඳහා ජල සම්පාදන මණ්ඩලය මේ වන විට සැලසුම් සකස් කරමින් සිටියි.
වසර කිහිපයක් තිස්සේ ජල බිල්පත් ඉහළ නොදැමීමත් මේ වන විට ජල ඒකකයක නිෂ්පාදන පිරිවැය ඉහළ යාමත් මත මෙම මිල නැංවීමට තීරණය වී ඇත.
එමෙන්ම විදුලි බිල ඉහළ නැංවීමට කටයුතු කළොත් ඊට සමගාමීව ජල බිල ඉහළ යන බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවැසීය.
ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරන්නේ පවතින වියළි කාලගුණය මත ඇතැම් උස් බිම් කරා ජලය ලබා දීමේදී අඩු පීඩනයක් යටතේ ජලය ගලා එනු ඇති බවයි.
එමෙන්ම වියලි කාලගුණය හේතුවෙන් හැකිතාක් අරපිරිමැස්මෙන් ජලය භාවිත කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටියි.
74 වසර (1948-2022) සාපයෙන් මිදෙන්න 207 වසරක (1815-2022) වහල්කම තේරුම් ගන්නම වෙනව….
👌👌👌👌♥️👌