ජල ගාස්තුව 30%කින් වැඩි කෙරේ.. ගැසට් නිවේදනය එයි.. අයවැයේ හාංකවිසියක් සදහන් නෑ…
November 12, 2016 at 12:00 pm | lanka C news
දෙසැම්බර් මස පළමුවැනිදා සිට ජල ගාස්තුව 30%කින් ඉහල දමන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.
පාසැල් හා ආගමික ස්ථාන සදහා මෙම මිල වැඩි කිරීම අදාල නොවෙයි.
මේ සදහා වූ ගැසට් නිවේදනයද මේ වන විට නිකුත් කර ඇත.
ජල ගාස්තු ඉහල දැමීමක් ගැන 2017 වසර සදහා වූ අයවැයේ කිසිදු සදහනක් වූයේ නැත.