ජල විදුලිය නිපදවීම නවතී.. රටම දුවන්නේ නොරොච්චෝල හා ඞීසල් බලාගාරවලින්..

February 19, 2017 at 8:02 am | lanka C news
ජල විදුලිය නිපදවීම නවතී.. රටම දුවන්නේ නොරොච්චෝල හා ඞීසල් බලාගාරවලින්..

වර්ෂාව නොමැති වීමෙන් විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශවල ජල මට්ටම වේගයෙන් පහත වැටීම නිසා ජල විදුලිය නිපදවීම නතර කර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එස්.බටගොඩ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම නියං තත්ත්වය ඉදිරි මාස හයක කාලයේදීද පැවතුනහොත් ලංවිමට රුපියල් කෝටි 300ක පමණ පාඩුවක් සිදුවනු ඇති බවයි.

දැනට ජලාශවල ජල මට්ටම 32% දක්වා අඩුවී ඇති නිසා ඍජු ජල විදුලිය ජනනය නතර කර
කෘෂිකර්මාන්තයට සහ බිමට නිකුුත් කරන ජලයෙන් පමණක් විදුලිය යම් ප‍්‍රමාණයක් ජනනය කෙරෙන බවද ඔහු කියයි.

අද වන විට රයේ සමස්ථ විදුලි උවමනාවෙන් 86%ක් නිපදවන්නේ ඉන්ධන හා ගල් අගුරු බලාගාරවලින් යයිද ලේකම්වරයා වැඩි දුරටත් කීය.

0 views

One Comment to “ජල විදුලිය නිපදවීම නවතී.. රටම දුවන්නේ නොරොච්චෝල හා ඞීසල් බලාගාරවලින්..”

  1. Dickie Bird says:

    Dan Norochcholai sapada ? Ka’gay wedak da?

Main News