ජල විදුලිය වාන් දමයි.. ලක්ෂපාන, විමලසුරෙන්ද්‍ර පිරී ඉතිරේ…
May 13, 2022 at 5:30 pm | lanka C news
කාසල්රි ජල පෝෂක ප්‍රදේශයට සහ නෝටන්බ්‍රිජ් , ලක්ෂපාන යන ප්‍රදේශවලට (12) දින රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දමන බවත්, ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර ඇති බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දැමිම සහ ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කිරිමත් සමග කැළණි ගගේ ජල මට්ටම තරමක් ඉහල ගොස් ඇති බවද සහකාර අධ්‍යක්ෂකවරයා පැවසිය.
– හැටන් රංජිත් රාජපක්ෂ
Yako .. Raniya !
Ranil ge waasanaawa!!!
විමල සුරේන්ද්‍ර ,ලක්ශපාන ජලාශ ජලය ගබඩා කරන ජලාශ නොවේ.ඉතා කුඩා ජලාශ වන මේවා ප්‍රයෝජනයට ගන්නේ විදුලි බලාගාරයට උවමනා ජල මට්ටම පවත්වා ගැනීමටයි.මාවුස්සාකැලේ සහ කාසල්රි ජලාශ පිරුනොත් තමයි ප්‍රයෝජනයක් වන්නේ.
ලපයගේ හේවායෝ මෙිවටත් බෝමිබ ගහයිද දන්නේ නෑ
යකෝ තෝපිළා කරන්නේ ඔන්න ඕක තමයි,මම මෙයට පෙරත් මගේ comment එකකින් ලීවා මේ ගැන.දැන්වත් ඔය වතුර නාස්ති නොකර රඳා පවත්වාගන්න බලපියවූ නැතිවා තෙල් ගෙන්වා එයින් කොමිස් මුදල් බලා නෝසිට තෝපි කරන වැඩවලින් වන්නේ රටේ අහිංසක ජනතාව තව,තවත් අඳුරේ වැටීමයි. ඒ මදිවට එදා වෙලා සොයාගෙන රැකියාවක් කරණ අයටත් මේකෙන් විශාල ප්‍රහාරයක් සිදුවෙනවා.දැන්වත් ඔය කුප්ප වැඩේ නතර කරලා රට ගැන සිතපල්ලා Alapaluwa from**
එහෙම තමයි බං. වැවක් පිටාර මට්ටමට එනකොට වාන් දාන්න වෙනවා. නැත්තම් වැව් බැම්ම කඩාගෙන යනවා.
අපි තාමත් කඵවරේ….
ඇයි බන් එතකොට ලයිට් කපන්නෙ
60% තවමත් විදුලිය දෙන්නේ ඩීසල් හා ගල් අඟුරු බලාගාර වලින්. ඒවට අවශ්‍ය අමුද්‍රව්‍ය නෑනේ නේද…
😂😜
😂😜 රටටම ලයිට් දෙන්නෙ ඔය විදුලි බලාගාර දෙක තුනෙන්ද?
අපි වාසනාවන්තයි. අපිට දැන් දවස් 2 තුනක්ම ලැයිට් කැපුවේ නෑ.