ජල විදුලි නිෂ්පාදනය අවමයි.. විදුලි උපකරණ භාවිතය අවම කරන්නැයි දන්වයි..

February 25, 2017 at 5:30 pm | lanka C news
ජල විදුලි නිෂ්පාදනය අවමයි.. විදුලි උපකරණ භාවිතය අවම කරන්නැයි දන්වයි..

ජල විදුලිය නිපදවීම අවම මට්ටමට පැමිණ ඇති නිස රාත‍්‍රියේදී විදුලිය වැඩියෙන් වැයවන උපකරණ භාවිතය අඩු කරන ලෙස විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටී.

පස්වරු 6.30ත් රාත‍්‍රී 10.30ත් අතර වන අනුව විදුලිය ඉල්ලූම වැඩිම කාලයේදී ඇ`දුම් මැදීම හීටර් භාවිතය රෙදි සෝදන යන්ත‍්‍ර භාවිතය නතර කරන ලෙසද අමාත්‍යාංශය ඉල්ලයි.
හැකි තාක් කාර්යාලවල දොර ජනෙල් විවෘත කර තබන ලෙසත් සීලීං විදුලි පංකා වෙනුවට මේසය විදුලි පංකා භාවිත කරන ලෙසද වැඩි දුරටත් අවධාරණය කරයි.

වායු සමන යන්ත‍්‍ර භාවිත කරන්නේ නම් සෙල්සියස් අංශක 26 සීමාවේ තබන ලෙසද අමාත්‍යාංශය පවසයි.

106 views
Main News