ජනාධිපතිට එරෙහිව අගමැති දේශපාලන කුමන්ත‍්‍රණයක.. රනිල් එලවා නව අගමැතිවරයෙක් පත් කර ගැනීමට කාරණා ප‍්‍රමාණවත්…

August 26, 2018 at 2:10 pm | lanka C news
ජනාධිපතිට එරෙහිව අගමැති දේශපාලන කුමන්ත‍්‍රණයක.. රනිල් එලවා නව අගමැතිවරයෙක් පත් කර ගැනීමට කාරණා ප‍්‍රමාණවත්…

අගමැති රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රධාන එක්සත් ජාතික පක්‍ෂය විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට කනේ පහරක් ගැසූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අවස්ථාවේදී අගමැතිවරයා කලේ දේශපාලන කුමන්ත‍්‍රණයක් යයිද ඔහු සදහන් කරයි.

දිගින් දිගටම ජනාධිපතිට කෙණෙහිලිකම් කරද්දී ශ‍්‍රිලනිපයට පහර දෙද්දී තව දුරටත් රෙදි ඇදගෙන ආණ්ඩුවේ සිටීමට හැකිදැයි මන්ත‍්‍රීවරයා ප‍්‍රශ්න කරයි.

වත්මන් අගමැති දොට්ට දමා නව අගමැතිවරයෙක් පත් කර ගැනීමට මෙම කාරණා ප‍්‍රමාණවත් යයිද ඔහු කියා සිටී.

71 views
Main News