ජවිපෙ ගල් පැලෙන බොරුවලට රැවටෙන්න එපා…

May 10, 2017 at 5:30 pm | lanka C news
ජවිපෙ  ගල් පැලෙන බොරුවලට රැවටෙන්න එපා…

රට ඉඳි ආනයන බදු රජය විසින් වැඩි කර ඇතැයි ජ.වි.පෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදි ප‍්‍රකාශ කර ඇත. රට ඉඳි ආනයනික බදු සම්බන්ධයෙන් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා කර ඇති කිසිම පදනමක් නැති අසත්‍ය ප‍්‍රකාශය හේතුවෙන් යහපාලන රජය බලයට ගෙන ඒම සඳහා මනාපය ලබා දුන් මුස්ලිම් ජනතාව අතර, කැළඹිමක් හා අවිශ්වාසයක් ගොඩනැගි ඇති බවත්, රජය විසින් ආනයනික රට ඉඳි කිලෝ ග‍්‍රෑම් එකක් සඳහා රුපියල් 60ක මුදලක් බදු වශයෙන් පනවා ඇති බවට අසත්‍ය චෝදනාවක් කර ඇති හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා පටු දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් ජනතාව නොමඟ යවා ඇති බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රි මුජිබුර් රහුමාන් ප‍්‍රකාශ කරයි.

පසුගිය 2016 නොවැම්බර් මාසය වන තෙක් රට ඉඳි ආනයනික බදු අදාළ රට ඉඳිවල තත්වයට අනුව විවිධාකාරයෙන් බදු අය කිරිමක් සිදුවිය. එදා ඉතා අඩු තත්වයක රට ඉඳි කිලෝවකට රුපියල් 130ක් වශයෙන් බදු අය කෙරිණි. 2016 නොවැම්බර් මාසයේ අය වැයෙන් අදාළ බද්ද රුපියල් 130 සිට රුපියල් 60 දක්වා අඩු කරන ලදි. 2007 වසරේ 48 දරණ වෙළඳ භාණ්ඩ බදු අය කිරිමේ විශේෂ පනතට අනුව අදාළ බදු පනත, මාස හයෙන් හයට අලූත් කර ගත යුතුය. පාර්ලිමේන්තුවේදි සිදුවි ඇත්තේ අදාල පනත දීර්ඝ කිරිම සඳහ ඉදිරිපත් කිරිමක් පමණි.
පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙකුවන හඳුන්නෙත්ති මහතා මේ කිසිවක් සොයා බැලීමකින් තොරව හුදෙක් තම දේශපාලන වාසිය තකා මේ සියළු කරුණු වසන් කරමින් මුස්ලිම් ජනතාව ආකර්ශණය කර ගැනිමේ බලාපොරොත්තුවෙන් රට ඉඳි බදු සම්බන්ධයෙන් අසත්‍ය ප‍්‍රකාශ කරමින් තම දේශපාලන බංකොලොත්භාවය නැවතත් ෙලෝකෙටම ප‍්‍රදර්ශණය කර ඇති බවත් කිව යුතුය.

ශුද්ධවු රාමසාන් මාසයේදි මුස්ලිම් ජනයා අතර බෙදා දිම සඳහා මැද පෙරදිග රටවල්වලින් පරිත්‍යාග ලෙස ලැබෙන රට ඉඳිවල බදු මුදලට පවා රජය බදු සහන ලබා දි ඇති තත්වයක් තුල කිසිම පදනම් නොමැතිව අසත්‍ය හා බොරු ප‍්‍රචාර පතුරුවා හරිමින් ජනතා විමුක්ති පෙරමුණ කරගෙන යන බංකොලොත් දේශපාලන කටයුතු යහපාලන රජය ජනතා අප‍්‍රසාදයට පත් කිරිමේ උපාය මාර්ගයක් බවද කිව යුතුයි.

රට ඉඳි ප‍්‍රශ්ණය පෙරදැරි කර ගෙන මුස්ලිම් ජනතාව වෙනුවෙන් තමන් පෙනි සිටින බව හඟවන්නට ජ.වි.පෙ උත්සහ කලද, මෙරට පාලනය කල පසුගිය රජයේ පරාජිත දේශපාලනඥයන්ගේ අනුදැනුම ඇතිව ඇතැම් ජතිවාදි බලවේගවල නොහොබිනා ක‍්‍රියා කලාපයන් බහුලව සිදුවන අවස්ථාවලදි එකී ජාතිවාදීන්ට එරෙහිව වචනයක් හෝ කතා නොකල ජනතා විමුක්ති පෙරමුණ, කිසිම නිවැරදි තොරතුරක් සොයා බැලිමක් නොකර මේ සිදුකර ඇත්තේ යහපාලන රජයට එරෙහිව මුස්ලිම් ජනතාව පෙළ ගැස්විම හා මහින්ද රාජපක්ෂ කණ්ඩායමට නැවත බලය ලබා ගැනිමට මාර්ග සකසා දිමකි.

විල්පත්තු ජනතාවගේ ප‍්‍රශ්ණයේදිත්, ඉරක්කාමම් මායක්කල්ලි මුස්ලිම් ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගන්නා ප‍්‍රශ්ණයෙදීත්, මුස්ලිම් ජනයා ජිවත්වන ප‍්‍රදේශවල අන්තවාදීන් විසින් සිදුකරන අනවශ්‍ය ප‍්‍රශ්ණවලදීත්, කිසිවක් කතා නොකර නිහඬ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන ජනතා විමුක්ති පෙරමුණ රට ඉඳි ප‍්‍රශ්ණයක් කරේ තබාගෙන කිඹුල් කඳුළු හලන්නේ….. රජය අපහසුතාවයට පත් කර තම අවස්ථාවාදි අභිලාශයන් පටු මාර්ගයකින් ඉටු කර ගැනිමේ බලාපොරොත්තුවෙන්ම බවත් මුජිබුර් රහුමාන් මන්ත‍්‍රිවරයා ප‍්‍රකාශ කරයි.

– මුජිබුර් රහුමාන්

10 views

2 Comments to “ජවිපෙ ගල් පැලෙන බොරුවලට රැවටෙන්න එපා…”

  1. Hina says:

    Anthawadi kale paluwo kale kapana epa kiwwa eunta anthawadi kiwwa wage

  2. Lapaya says:

    Topi degolloma ekayi. Jappo saha hambayo. Wasi pattata hoyiya.

Main News