ජවිපෙ ගෙනා විශ්වාස භංගයට ශ‍්‍රීලනිපය-පොහොට්ටුව විරුද්දයි..- SB

May 22, 2019 at 1:20 pm | lanka C news
ජවිපෙ ගෙනා විශ්වාස භංගයට ශ‍්‍රීලනිපය-පොහොට්ටුව විරුද්දයි..- SB

ආණ්ඩුවට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට කිසිසේත්ම සහාය ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සාකච්ඡා සිදු කරන බවද ඒ මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඔහුගේ නිවසේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

බදුර්දීන් ඇමතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය යෝජනාවට සහාය දීමට අද වන විට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරියට පැමිණ ඇති බවත් එහි ප්‍රධාන ඇමතිවරුන් ද කිහිප දෙනෙකු ඒ අතර වන බවත් දිසානායක මහතා කියා සිටියේය.

එමෙන්ම බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගය සඳහා සහයෝගය දෙන බවට ආර් සම්බන්ධන් ඇතුළු දෙමළ ජාතික සන්ධානය ද මේ වන විට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙන බවද එක්සත් ජාතික පක්ෂයේ කතෝලික සම්භවයක් ඇති මන්ත්‍රීවරුන් ද විශ්වාස භංගයට සහයෝගය ලබාදෙන බවත් ඔහු පැවසීය.

ඒ ආකාරයෙන් බිඳී යෑමට සූදානම්ව සිටින එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට එක් ගොනුවට ගැනීම සඳහා අවශ්‍ය වී ඇති නිසා අලූත් උපායක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ හරහා විශ්වාසභංග යෝජනාවක් ආණ්ඩුවට විරුද්ධව ඉදිරිපත් කර ඇති බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

මෙම විශ්වාසභංගයේදී එජාපයේ තරහ වී සිටින පිරිස සහ කුඩා පක්ෂය යළි සමගි වන බවත් අනෙක් අය නිහඬ වී සිටීමට සිදු වන බවත් මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

38 views

6 Comments to “ජවිපෙ ගෙනා විශ්වාස භංගයට ශ‍්‍රීලනිපය-පොහොට්ටුව විරුද්දයි..- SB”

  1. gadol says:

    ජේ වී පි කියන්නේ යු එන් පි ගැලයුම් කරුවා

  2. Sadda says:

    හරියටම හරි .දාපන් ඕක කුනු කූඩෙටම.

  3. Nama says:

    That means SLFE and Pohottuwa support to the government against NCM brought by JVP

    • Plato says:

      No. That means the SLPP does not want contribute to the JVP’s effort to save Rishard Badudeen which finally opens an escape gate for the UNP!

  4. බන්ඩා says:

    නියමය්. දැන් ඉතින් ජවිපෙ ට පුලුවන් යූඑන්පී සහායෙන් විශ්වාස භංගය දිනවන්න. ජවිපෙ තක්කඩි වැඩේ රටට දැනෙන විදිහට හෙලිකල යුතුය්.

  5. Open mind says:

    ඉදිරියේදී පිං මන්ත්‍රීකමත් නැතිවන ලකුණු.

Main News