ජවිපෙ ගෝල්ෆේස් පිටියට කැදවූ අන්තර් පාසල්-පෙර පාසල් ශිෂ්‍ය සංගමය විසුරුවා හරින්නැයි ඉල්ලයි..
August 20, 2019 at 4:40 pm | lanka C news
පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.
අනුර කුමාර මැතිතුමාට අපි සුබ පතන අතරේ ගාළු මුවදොර පිට්ටනියේ පැවැති රැස්වීමට අන්තර් පාසල් ශිෂ්‍ය සංගමයේ සහ අන්තර් පෙර පාසල් ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් කැඳවීම ගැන නම් අපේ ප්‍රසාදයක් නැති බව කියන්න ඕනෑ.
අපි දැක්කා පුංචි දරුවන් බුරුතු පිටින් බැලුම් බෝල අරගෙන සරුංගල් අරගෙන බත් පාරසල් බදා ගෙන ගාළු මුවදොර පිට්ටනියට එනවා. තවත් පුංචි දරුවෝ නොදන්නා සටන් පාඨ කියනවා.ඒ නිසා අන්තර් පාසල් ශිෂ්‍ය සංගමය සහ අන්තර් පෙර පාසල් ශිෂ්‍ය සංගමය විසුරුවා හැරීමට අපි යෝජනා කරනවා.
1994 දී චන්ද්‍රිකා නෝනාට සහය දීලා අවුරුද්දක් ඇතුලත අනේ අපට වැරදුනා කිව්වා. 2001 දී පරිවාස ආණ්ඩුව හදලා මාසයක් ඇතුලත ආයෙත් අපට වැරදුනා කිව්වා. 2004 දී සංධාන ආණ්ඩුව හදලා මාස 15ක් ගියේ නෑ ආයෙත් අපට වැරදුනා කිව්වා.
2005 දී මහින්ද ජනාධිපතිතුමාට සහය දීලා, 2010 දී ෆොන්සේකා මහත්තයාට සහය දීලා 2015 දී මෛත්‍රි ජනාධිපතිතුමාට සහය දීලා ජවිපෙ අන්තිමට කිව්වේ අනේ අපට වැරදුනා කියලා. මෙදා පාර එසේ කියන්න සිදු නොවේවා කියලා අපි ප්‍රාරථනා කරනවා.
– අරවින්ද අතුකෝරල
ඔය ගෝල්ෆේස් පිටිය හිටිය අයගේ නෑදෑයන් කි දෙනෙක් ජේ වී පි 88 89 කාලයේ නැති කර ඇද්ද මේ අයට ලැජ්ජා නැද්ද මේවාට සහබාගි වන්න