ජවිපෙ ඡන්දෙන් පසුබැවේ ජනාධිපති ජනහමුවලට ගිහින් 2/3 ඉල්ලූ නිසා..- ජවිපෙ

August 17, 2020 at 3:26 am | lanka C news
ජවිපෙ ඡන්දෙන් පසුබැවේ ජනාධිපති ජනහමුවලට ගිහින් 2/3 ඉල්ලූ නිසා..- ජවිපෙ

පසුගිය මහාමැතිවරනයේදි ජාතික ජනබලවේගය දැඩි පසුබෑමකට ලක් වෙමින් මන්ත්‍රී ආසන තුනකට පමනක් ලබාගනිමින් අඩු ජන්ද ප්‍රතිශතයක් ලබාගැනිමට සිදු වූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පොදුජන පෙරමුනේ ජනහමු වලට ගොස් වැඩ කිරිම සදහා 2/3 ක බලයක් ඉල්ලා සිටිම නිසා බව හම්බන්තොට දිස්ත්‍රික් හිටපු ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිහාල් ගලප්පත්ති මහතා පවසයි.

තවද ජාවාරම්කරුවෙකු ගේ කලු සල්ලි යොදාගෙන පොදුජන පෙරමුනට සහාය දක්වන ගායකයෙකු විසින් නිර්මාණය කොට අන්තර්ජාලයට මුදාහැරි 3% වීඩියෝව නිසා ජාතික ජන බලවේගයට මෙවර ලැබුනු ජන්ද ප්‍රමානය වැඩි උන බව හිටපු මන්ත්‍රීවරයා පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ නාමල් රාජපක්ෂ ඇමතිවරයා පසුගිය මහාමැතිවරනයේදි ප්‍රචාරන කටයුතු සදහා රුපියල් කෝටි 35 ක් මුදලක් වියදම් කරමින් මැතිවරණ නීතිද දැඩිව උල්ලංඝනය කරමින් කටයුතු කල බවයි.

හෙතෙම මේම අදහස් දැක්වුයේ යු ටියුබ් නාලිකාවක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාකට එක් වෙමිනි.

එම සාකච්ඡාව මෙතනින්

49,955 views
Main News