ජවිපෙ ජාතික ‘කුණුහරුප කිං’ එජාප ඇමති ආචාරියාගේ කරේ.. දැන් පෙන්වනවා ‘දවල් මිගෙල් රෑ ඩනියෙල්’..

March 21, 2017 at 12:07 am | lanka C news
ජවිපෙ ජාතික ‘කුණුහරුප කිං’ එජාප ඇමති ආචාරියාගේ කරේ.. දැන් පෙන්වනවා ‘දවල් මිගෙල් රෑ ඩනියෙල්’..

ජනතා විමුක්ති පෙරමුණ අද වන විට සම්පූර්ණයෙන්ම එජාප මුදල් මතින් යැපෙන පක්‍ෂයක් බවට පත් වී ඇති බවට පක්‍ෂ විපක්‍ෂ බොහෝ දේශපාලඥයින්ගෙන් චෝදනා එල්ල වෙමින් ඇත.

ජනතාව ඉදිරිපිට සම්මුති ආණ්ඩුව විවේචනය කරමින් සිටියද බොහෝ අවස්ථාවල එජාප ප‍්‍රබලයින් හා ක‍්‍රියාකාරිකයෙන්ගේ විවිධ අවස්ථාවන්ට සහභාගී වෙමින් සිටිති.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ජනතාවට එපා වන ලෙස අමූලික බොරු කියමින්ල මුලු රාජපක්ෂ පවුලම දැඩිලෙස විවේචනය කරමින් විදේශීය හා දේශීය රාජය නොවන සංවිධාන සමඟ සම්බන්ධකම් පවත්වන වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ අද වනවිට එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත ශාඛාවක් බවට පත් කර ඇති බවට චෝදනා එල්ල කලේ එම පක්‍ෂයේ හිටපු නායක සෝමවංශ අමරසිංහමය.

එජාපය හරහා ඩොලර් මෙන්ම රුපියල් කෝටි ගණන් විශාල වශයෙන් ලබාගන්නා බව නිතරම අසන්නට ලැබුනත් අද වන විට ඒ සියලු රහස් යූඑන්පී මන්ත්‍රීවරුන් විසින්ම හෙලිදරව් කරමින් සිටිති. ඇමති විජේදාස රාජපක්‍ෂ මෙන්ම මන්ත්‍රී චතුර සේනාරත්නද ප‍්‍රසිද්ධියේ පවසන්නේ ගොනී ගනන් සල්ලි ජෙවීපී නායකයින් ඇවිත් තමන්ගෙන් අරන් ගිය බවයි.

මෙහි දැක්වෙන පින්තූරය එකට කරට අත දාගෙන ඉන්නේ මෙරට මිනිස්සු කවදාවත් අහපු නැති අමු තිත්ත කුණුහරුප සිංදු කියා අශෝභන ලෙස තම දරුවන් ඉදිරියේදී හැසිරුණු ජනතා විමුක්ති පෙරමුණ ජාතික ලැයිස්තුවේ උඩින්ම යෝජනා වී තිබූ ක්‍රිස්මාල් වර්ණකුලසූරිය සහ යූඑන්පී ආණ්ඩුවේ ඇමති හර්ෂ ඩි සිල්වා මහතායි.

32 views