ජවිපෙ දෙකඩයි.. අනුර අගමැති රකින්න එයි.. ලාල්කාන්ත අගමැති එලවන්න එයි..

April 24, 2018 at 3:31 am | lanka C news
ජවිපෙ දෙකඩයි.. අනුර අගමැති රකින්න එයි.. ලාල්කාන්ත අගමැති එලවන්න එයි..

ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට අනුර කුමාර කණ්ඩායම හා ලාල් කාන්ත කණ්ඩායම ලෙස කණ්ඩායම් දෙකකට බෙදී ඇති බව පිවිතුරු හෙල උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා පවසයි.

ලංකා ඉතිහාසයේ වෙච්ච මහ මංකොල්ලයේ මංකොල්ලකරුවා විශ්වාසභංගය දිනු වෙලාවේ පාරට බැහැලා රතිඤ්ඤා දැන්ම කැපුවත් කොළ කියන  මිනිස්සුන්ව අපි දැක්කා. අපිට ඔවුන්ට කියන්න තියෙන්නේ විශ්වාසභංගය කියන්නේ බොම්බයක් නෙවෙයි. එය පොකුරු බොම්බයක් බව අපි මතක් කරන්නට කැමතියි.

විශ්වාස භංගයෙන්  පාර්ලිමේන්තුවේ මහ ලොකුවට උදම් අනපු තුනෙන් දෙක ඔවුන්ට නැති වුණා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ සෑම මැතිවරණයකටම පස්සේ බුර බුරා නැගෙන රනිල් විරෝධි කැරැල්ලට සධාරණ නව ජවයක් ලැබී ඇති බව අමතක කරන්නට එපා. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කල්ලියේ පිපිරීම ඒ පොකුරු බොම්බයේ තවත් එක් බොම්බ පාර්ශවයක් බව අමතක කරන්න එපා.

සමාජයට, මාධ්‍ය ඉස්සරහට ඇවිත් තොත්ත බබලා වගේ හැසිරෙන ජනතා විමුක්ති පෙරමුණ තුලත් මේ විශ්වාසභංගය නිසා දෙකට බෙදීමක් ඇතිවුන බව. අනුර කුමාර සහ ලාල් කාන්ත යනුවෙන් පිල් දෙකක් බෙදුනු බවට සමාන්‍ය මහජනතාව නොදන්නවා වුණාට දේශපාලනයතුල එය රහසක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණත් අපි දන්වනවා. ඒ පොකුරු බොම්බය පුපුරා ගිය තවත් එක් කදවුරක් බව මතක තියා ගන්න.

දෙමළ මිනිසුන්ගේ ඓතිහාසික නායකයා ලෙස පෙනී ඉන්න ත්‍රස්තවාදීන් සමග උරෙන් උර ගෑටි ඔවුන් විසින් බිහිකරපු TNA නම් සංවිධානයේ සම්බන්දන් විපක්ෂ නායකයා නොව රනිල් වික්‍රමසිංහගේ කුක්කෙක් බව ජනතාවට මේ විශ්වාස භංගය නිසා එත්තු ගියා.

ඒ වගේම අපි හැමදාම වගේ කියන සිංහ නාද බලුකෙදිරි පාච රණවක නම් වූ සිංහල ජාතිය වෙනුවෙන් ඓතිහාසික තිරණ ගත් දොන් ජුවන් ධර්මපාලට විරුද්ධව සිංහල සංකේත මැවු මිනිසාත් දොන් ජුවන් ධර්මපාල රකින්නට බිහිවෙච්ච තවත් එක් බලු කුක්කෙක් බවට විශ්වාස භංග යෝජනාවේදී පත්වුනා.

මේ පොකුරු බොම්බය තවමත් පිපිරි හමාර නැති බවත් අපි මතක් කරන්නට කැමතියි.

– අරවින්ද අතුකෝරල

233 views

5 Comments to “ජවිපෙ දෙකඩයි.. අනුර අගමැති රකින්න එයි.. ලාල්කාන්ත අගමැති එලවන්න එයි..”

  1. Nim says:

    RANILA HARIYATA KUTTIYA
    DEELA NAHA.

    RANILA OKA HRIYATA KARAGANE

    • නැවුම් මාවත says:

      දක්ෂ මිනිසුන්ට තමයි හැමෝම අපහස කරන්නේ .ඉරිසියාව කියන්නේ රෝගයක්,
      පාඨලී චම්පික රණවක කියන්නේ කෙලින් චරිතයක් .රනිල් කියන්නේ මේ රටේ දේශපාලන ස්ථාවර බාහ්වය ගෙන්න පුළුවන් බටහිර ලෝකයම පිළිගත්තු නායකයෙක් .එතුමාට වඩා නායකත්වයට සුදුසු කෙනෙක් එජාපයේ නෑ .එජාපය තමුන්ගේ සාම්ප්‍රදායක නායකයන්ට පිටින් උගත් බුද්දිමත් කෙනෙක් තම නායකයා ලෙස පත්කරගත යුත්තේ එනිසයි .
      පාඨලී දොන් ජුවන්ට සම කරන්නේ ඉරිසියාවට නේද ඔහු රට පවල දුන්නේ කවද්ද ?එජාපයේ ඇතැම්මු පාඨලිගේ සහය වික්‍රමසිංහ මැතිතුමා එලවන්න ඉල්ලද්දිදී මුදල් වලට යට නොවී කෙටි ප්‍රසිද්දියට යට නොවී වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් ඔහුව අගමැතිකමේ තියාගන්න පාඨලී චන්දය දුන්නේ එතුමා ද්කෂයෙක් නිසයි ඒවගේම එතුමා දක්ෂයෙක් එජාප නායකකමට පත්කරන බව දන්නා නිසයි .එතුමා පාඨලීට මහා නගර සැලසුම් ඇමතිකම වගේ අති විද්යානුකුල ඇමතිකමක් දුන්නේ පාඨලීගේ දක්ෂතාව එතුමා දන්නා නිසයි .පක්ෂය ඇතුලේ ඉඳගෙන ඒ අසහාය නායකයාගේ කකුලෙන් අදින්නේ ද්‍රෝහියෝ .වික්‍රමසිංහ මහතා ගේ දක්ෂකම දකින්න තේරුම් ගන්න බුද්දීමතෙක් වෙන්න ඕනා එවැනි අය අද එජාප නායකත්වයේ නැතිනිසා තමයි එතුමාට අඥාන මන්ත්‍රීන් ඇමතිවරුන් අපහස කරන්නේ .නමුත් පාඨලී නොබියව එතුමාගේ දක්ෂව්තව ප්‍රකාශ කලේ මුදල් වලට නොවෙයි .නිවැරදි දේ කිවයුතු නිසයි .
      පාඨලී මෝඩ අපහස වලට බියනම් එතුමාට විරුද්දව චන්දය දෙනවා පාඨලී බලු පැටියෙක්වත් ,දොන්ජුවන් ධර්මපාල කෙනෙක්වත් නොවෙයි ඔහු සැබෑ වීරයෙක් අනාගත එජාපයේ එකම ගැලවුම්කරු ඔහුයි .

  2. click says:

    This person has chosen politics since he does not have songs to sing.

    Now he has started to day dream.

    Anyway he is not matured enough to talk about JVP.

  3. kalana says:

    එල ලාල්, අනුර පට්ට ගොනෙක්.

  4. David Milli-banda says:

    එල ලාල්, අනුර පට්ට ගොනෙක් wrong wrong…. patta gon horek

Main News