ජවිපෙ ලාල්කාන්ත පොලිස් අත්අඩංගුවට ගනී… බීමතින් රිය පදවා හප්පලා..
March 1, 2019 at 6:48 pm | lanka C news
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් වන ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේදී සිදු කරන ලද රිය අනතුරක් සම්බන්ධයෙනි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ අනතුර සිදුවන අවස්ථාවේ සැකකරු බීමතින් රිය පදවා ඇති බවයි.
ලාල් කාන්ත මහතා විසින් පදවන ලද කැබ් රථයක් යතුරුපැදියක ගැටීම නිසා කාන්තාවක් හා ඇගේ ඥාති දියණියක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.