ජවිපෙ හා දෙමල සන්ධානය ආණ්ඩුවේ පක්‍ෂ දෙකක්..- ජනපති තහවුරු කරයි…

September 29, 2017 at 3:28 am | lanka C news
ජවිපෙ හා දෙමල සන්ධානය ආණ්ඩුවේ පක්‍ෂ දෙකක්..- ජනපති තහවුරු කරයි…

පසුගිය බදාදා දිනයේදී පළාත් සභා මැතිවරණ සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමේදී ආණ්ඩුව සතු 2/3 බලය පෙන්වූ බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් සදහන් කල බවත් එම ප‍්‍රකාශය අනුව ආණ්ඩුවට 2/3 බලයක් ලැබී ඇත්තේ ජවිපෙ හා දෙමල සන්ධානය සමග බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ ජවිපෙ හා දෙමල සන්ධානය නැතිව ආණ්ඩුවට එදින වූයේ ඡුන්ද 132ක් බවත් එම පක්‍ෂ දෙක ඡන්දය ලබා දීම නිසා ඡන්ද 154ක් වූ බවත්ය.

ජවිපෙ සහ දෙමල සන්ධානය යනු මේ ආණ්ඩුවේ කොටස්කරුවන් යයි තමන් ඇතුළු ඒකාබද්ද විපක්‍ෂය වසර දෙක හමුරක් තිස්සේ පැවසූ දෙය ජනාධිපතිවරයා විසින්ද සනාථ කර ඇති බවද මන්ත‍්‍රීවරයා කීය.

‘ජවිපෙ ඓතිහාසික කාර්යභාරය පසුගිය බදාදායින් අවසන්.. මල්වඩම් අනවශ්‍යයි.. සියළු දෙනා පැමිණෙත්වා’ යයිද ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය.

44 views

4 Comments to “ජවිපෙ හා දෙමල සන්ධානය ආණ්ඩුවේ පක්‍ෂ දෙකක්..- ජනපති තහවුරු කරයි…”

  1. Samarapala says:

    ඓතිහාසික කාර්යභාරයේ වගකීම ජවිපෙ 2007ද, සෝභිත හිමි 2001ද, ෆොන්සේකා 2010 ද, චම්පික 2015ද අවසන් කරගන්නා ලදී. සියල්ලෝ රනිල්ගේ ලිබරල් තැටිය උඩ රොටිවී කරව ගියහ.

  2. Saumya says:

    ජෙප්පො දන්නව උන්ට ආයෙ කවදාවත් මේ කපේදි පාර්ලිමේන්තුවට යන්ඩ මේ රටේ
    ජනතාව ඉඩ තියන්නෙ නැහැයි කියල. ඒක හින්ද උන් බලන්නෙ මේ ටික දවසට යහපාලනේට
    සෙට්වෙලා ගන්ඩ පුලුවන් වරප්‍රසාද ඔක්කොම ගන්ඩ.

  3. නොබෙල් සිරිසේන says:

    ඉතිං ඡන්දෙ තියාපන්කො. එතකොට බලය තවත් තහවුරු කරගන්න පුළුවන්නෙ හිටං.

  4. api dannawa umba eelam brapathi LTTE ballek JVP&TNA eelam ballo samaga. pala praba apayata TODAY.