ජවිපෙ 20ට එරෙහිව ගිහිපැවිදි ජාතිමාමකයෝ රැසක් ශ්‍රේෂ්ඨාධිකරණයට..

September 15, 2018 at 6:26 am | lanka C news
ජවිපෙ 20ට එරෙහිව ගිහිපැවිදි ජාතිමාමකයෝ රැසක් ශ්‍රේෂ්ඨාධිකරණයට..

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේ සභාගත කළ 20 සංශෝධන කෙටුම්පත, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව දක්වමින් ගිහි පැවිදි විද්වතුන්, ජාතිමාමකයන් පෙත්සම් 8ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත.

පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි වෙනුවෙන් ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතාත්, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි සහ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජය ජයවර්දන මහතාත්, උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතාත්, ආචාර්ය ගුණදාස අමරසේකර වෙනුවෙන් නීතීඥ කල්‍යානන්ද තිරාණගම මහතාත් මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතාත් පෙත්සම් ගොනු කර ඇත.

මීට අමතරව කනිෂ්ක විතාරණ, රංග ගුණවර්ධන, දිනේෂ් ද සිල්වා, රාජා ගුණරත්න සහ නාගානන්ද වීරක්කොඩි යන නීතීඥ මහත්වරුද පෙත්සම් ගොනු කර ඇත.

ජයම්පති වික්‍රමරත්න සහ ලාල් විජේනායක 20ට පක්ෂව පෙත්සම් ගොනු කර ඇත. තිදෙනෙකුගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් විභාග කෙරේ.

51 views
Main News