ජවිපෙ 20 සංශෝධනය සූදානම්.. අතහිත එජාපයෙන්.. ජනාධිපති පත් කිරීමේ මහජන පරමාධිපත්‍ය අහෝසියි…

May 15, 2018 at 4:40 pm | lanka C news
ජවිපෙ 20 සංශෝධනය සූදානම්.. අතහිත එජාපයෙන්.. ජනාධිපති පත් කිරීමේ මහජන පරමාධිපත්‍ය අහෝසියි…

ජනතා විමුක්ති පෙරමුණ විසින් පුද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස කෙටුම්පත් කරමින් ඇති 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයා තෝරා ගැනීම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ බහුතර ඡන්දයෙන් සිදු කිරීමට යෝජනා කර ඇතැයි මවුබිම පුවත් පත වාර්තා කරයි.

මෙම කෙටුම්පතට සහායක් ලෙස එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා විසින්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයක්ද සකස් කරමින් සිටින බවද වාර්තාවේ දැක්වෙයි.

මෙම කෙටුම්පත අනුව ජනාධිපතිවරයා තෝරා ගැනීම සෘජුවම ජනතා ඡුන්දයෙන් ලෙස මෙතෙක් තිබූ ක‍්‍රමය අහෝසි වන අතර පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් බහුතරයකගේ කැමැත්තෙන් තෝරා ගැනීමට යෝජිතය.

එමෙන්ම ජනාධිපති ධුරය නාමමාත්‍රික කිරීමද 20 සංශෝධනය මගින් යෝජනා කරයි.

මේ සංශෝධනය මගින් ජාතිවාදී හා බෙදුම්වාදී පක්‍ෂවල උවමනාවන් අනුව කටයුතු කරන පුද්ගලයන් පමණක් ඉදිරියේදී ජනාධිපති ධුරයට පත් වනු ඇති බවට ප‍්‍රබලවිවේචන එල්ල වෙයි.

125 views

18 Comments to “ජවිපෙ 20 සංශෝධනය සූදානම්.. අතහිත එජාපයෙන්.. ජනාධිපති පත් කිරීමේ මහජන පරමාධිපත්‍ය අහෝසියි…”

  1. Dev says:

    ජවිපේ ඇත්තටම විරුද්ද ජනාධිපතිවරණයට මිසක් ජනාධිපතිදූරයට නෙවෙයි. මොකද චන්දෙකට දාන්න තරම් පෞරුශයක් තියෙන එකෙක් පක්ශෙ නෑනෙ.

  2. sumathipala says:

    පළාත් සභා බලගත්විම ,සවාධින වීම වෙනම රාජ්‍යන් අවසාන ප්‍රතිපලයයි.225 සල්ලි වලට ගත්තම වැඩේ හරියට ම හරි.අවසානය අවුල් ජාලාවක්.

  3. Kadiya says:

    මරුනේ, ජනාධිපති වෙන්න කැමති එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කුලියට අරගෙන ජනාධිපති වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීලට හොද්ද බොරවෙනවා. පහුගිය විශ්වාස භංගේ වගේ හොඳට තියේවි. මහබැංකුව කැඩුවේ මොකටද කියල දැන් තමයි සහසුද්ධෙටම පැහැදිලි වෙන්නේ. ඒත් දරුවෙක්මල්ලෙක් වත් නැති එකාට මෙච්චර සල්ලි තොගයක් මොකටද කියල මම හිතුවේ.

Main News