ජ්‍යෙෂ්ඨ ඇමති තුනකට ත්‍රස්තවාදී කල්ලියකින් මරණ තර්ජන.. ආරක්ෂාව දැඩි කෙරේ..
March 31, 2019 at 10:00 am | lanka C news
ආණ්ඩුවේ ජෙත්ෂ්ඨ ඇමතිවරුන් තිදෙනෙකු අන්තවාදී ත්‍රස්ත කල්ලියකින් මරණ තර්ජන එල්ල වී ඇති බව පවසමින් විශේෂ ආරක්ෂාවක් සපයන ලෙස ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉල්ලා තිබේ.
මේ සම්බන්ධයෙන් බුදධි අංශ කල විමර්ශණයන්ගෙන් හෙලි වී ඇත්තේ මෙරට ජාතිවාදී ගැටුම් ඇති කිරීම සදහා ජාත්‍යන්තර සහායෙන් කටයුතු කරන කණ්ඩායමක් විසින් මෙසේ තර්ජන කර ඇති බවයි.
ආරක්ෂක අංශ පවසන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීමෙන් පසු ත්‍රස්ත කල්ලියකින් දේශපාඥයනට මරණ තර්ජන එල්ල වී ඇත්තේ මුල් වතාවට බවයි.
මෙම කණ්ඩායම විසින් පුඑුණු කදවුරු කිහිපයක් ඉතා රහසිගතව පවත්වා ඇතැයි ඔවුන් සුළු මෙහෙයුම්වලට සිටිතැයිද හෙලිව ඇත.
මෙම තත්වය මත අදාල ඇමතිවරුනට තවත් ආරක්ෂාව තර කිරීමට කටයුතු කරනු ඇති බවද වැඩි දුරටත් වාර්තා වෙයි.
පොඩි මාර්කටින් පාරක් මල්ලී…ඒ ගොල්ලෝම දැන්වීම් හදලා ඒ ගොල්ලෝම ප්‍රමෝට් කරගන්නවා!