ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් ශාරීරික යෝග්‍යතාවයෙන් අසමත් වෙයි.. පගාව දී හොර සහතික හදා ගනී.. කොදෙවු සංචාරයට සූදානම්..
January 21, 2021 at 9:20 am | lanka C news
එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සහ එංගලන්තය සමග දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඉලක්ක කරගනිමින් මෙම සතියේ මුල පවත්වනු ලැබූ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේදී ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු විවිධ බලපෑම් මගින් සිය වාර්තාව වෙනස්කර ඇතැයි වාර්තා වේ.
ආරංචි වෙන පරිදි මෙම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා අදාළ වාර්තාවේ ප්‍රධාන කොටස් දෙකක් සම්බන්ධ අවසාන ලකුණු අගයන් එසේ තමාට වාසි වන අයුරින් වෙනස් කරගෙන ඇති නමුත් ඒ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හට නිරීක්ෂණය වී ඇතැයි පැවසේ. නමුත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කුමන පියවරක් ගනීද යන්න අවිනිශ්චිතය.
මෙම ක්‍රියාව, එනම් තමාගේ ශරීර යෝග්‍යතා වාර්තා අදාළ පාර්ශ්ව වෙත විවිධ අල්ලස් ලබා දීමෙන් වෙනස් කිරීමේ ක්‍රියාවලිය, දීර්ඝ කාලයක් පුරා සිදුව ඇතැයි තවදුරටත් වාර්තා වේ. ඒ අනුව බැලූ කල ඇතැම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කොට ඇත්තේ නියමිත ශරීර යෝග්‍යතාව නොමැතිව බව පැහැදිලි වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෑත භාගයේ දුර්වල ක්‍රීඩා විලාසයට එය සෘජුවම බලපා ඇති බවට මෙය සාක්ෂියක් වී තිබේ.
බටහිර ඉන්දීය සංචාරය වෙනුවෙන් ක්‍රීඩකයන් 20 දෙනෙකු මෙම පරීක්ෂණයට පෙනී සිට ඇති අතර ඉන් 8 දෙනෙකු එහිදී අසමත්ව ඇත. එසේ නුසුදුසු යැයි ඔප්පු වූ ක්‍රීඩකයන් හට එළැඹෙන පෙබරවාරි 3 දා නැවත වරක් එකී පරීක්ෂණය සඳහා පෙනී සිටීමේ අවකාශය සලසා ඇත. එම පරීක්ෂණයෙන්ද ඔවුන් අසමත් වුවහොත් එකී සංචාරයට ඔවුන්ව සහභාගි කරනොගනු ඇත.
එළැඹෙන පෙබරවාරි සහ මාර්තු මාසයන්හිදී ශ්‍රී ලංකා පිල ටෙස්ට් තරග දෙකක් එක්දින සහ විස්සයි විස්ස තරග තුන බැගින් වන සංචාරයක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් වෙත යාමට නියමිතය.
රේවත එස්. සිල්වා
– aruna
thisara mallita mada gahanna epa
අර බිංදු බිංදු තාරකාත් මේ තරඟාවලියට සහභාගි වෙනවද මචං
I think Angelo Mattews
බෝ බෝ බෝර්න් ඇගේන් නම් ගොඩ . ලංකාවේ ක්‍රිකට් නැති කලේ මේ කල්ලිය තමා
මුන්ට දන්නේ ඕමි ගහන්න පමණයි. කනගාටුයි කියන්න
මෙහේ බෛයො පස්කාගෙන කෑගහනවා හම්බ වියාප්ත්වාදය ගැන , උබලා ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ නම් ටික හොයලා බලලා කියහල්ලා සිංහල බෞද්ධයො ඉන්න ප්‍රමාණය , එකයි දෙන්නයි , බහුතරය රෝමාණු කතොලික හෝ ක්රිස්තියාණී. ක්‍රිඩාවට ආගම වැඩක් නෑ ,එත් දිගින් දිගටම ඇනගන්න අපේ ක්‍රිකට් මේ තත්වයට පත්වෙලා තියෙන්නේ , ඔවර් රේටඩ් කුරුස කාරයො ටීම් එකේ බහුතරයක් සෙල්ලං කරන හින්දා , හොයලා බලපියව්.
Born Again Clan Killed the Cricket thanks to God !!!
Stephen Hawking makes it clear: There is no God.
Man Created God in His Image:
I think kurusa man