ජාත්‍යන්තරයෙන් ලංකාවට සම්බාධක දානවා කිවුවා..- රාජිත

October 30, 2018 at 4:40 pm | lanka C news
ජාත්‍යන්තරයෙන් ලංකාවට සම්බාධක දානවා කිවුවා..- රාජිත

ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොරකින්නේ නම් ශ‍්‍රී ලංකාවට සම්බාධක පනවන බවට ජාත්‍යන්තර ප‍්‍රජාව විසින් දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා සදහන් කරයි.

මෙරට සිටින තානාපතිවරැුන් ඊයේ දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණු ගැසැනු අවස්ථාවේදී මේ බව සදහන් කලේ යයි හිටපු ඇමතිවරයා පැවසීය.

අරලියගහ මන්දරිය ඉදිරිපිට පැවති විරෝධතාවය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් කල විමසීමකදී ජනාධිපතිවරයා සමග විදේශීය තානාපතිවරුන් මුණ ගැසුනු දේශපාලඥයෙක් කියා සිටියේ සම්බාධක සම්බන්දයෙන් වචනයක් හෝ කතා නොකල බවයි.

හිටපු අගමැති ඉවත් කිරීම, නව අගමැති පත් කිරීම, පාර්ලිමේන්තුව කල්දැමීම, එය නැවත කැදවීම ව්‍යවස්ථානුකූලව කර ඇති බව ජනාධිපතිවරයා විසින් පෙන්වා දුන් බවද ඔහු කියා සිටියේය.

222 views