ජාත්‍යන්තරය යාපනය සතුටු කරනවා… අපට පොලොවෙ පහ ගයලා ඉන්න බැරි කරන්නයි හදන්නේ.. – ගැටඹේ නාහිමි
September 24, 2016 at 1:20 pm | lanka C news
අද වන විට මේ රටේ ඇත්තේ පුදුම පලිගැනීමක් බවත් ජීවිත පරිත්‍යගයෙන් දිනාගත් දේවල් සියල්ල වතුරේ යන තත්වයක් උදා වී ඇති බවත් ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පවසති.
උන් වහන්සේ මේ අදහස් පල කලේ හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාපජක්ෂ මහතා උන් වහන්සේ බැහැ දැකීම සදහා ඊයේ දින එහි ගිය අවස්ථාවේදීය.
මේ ආණ්ඩුව ජාත්‍යන්තරය හා යාපනය සතුටු කරන ගමන් රට විනාශ කරන බවද කී එහිමියෝ මේ හදන්නේ පොලොවෙ පය ගහලා ඉන්න බැරි තත්වයක් උදා කරන්න බවද කියා සිටියහ.