ජාත්‍යන්තර කාන්තා දිනයේදි පාසල් සිසුවියක් ගෙල වැලලාගෙන දිවි නසා ගනී.. ඝාතනයක්දැයි සැකයක්..
March 8, 2019 at 12:40 pm | lanka C news
ජාත්‍යන්තර කාන්තා දිනය යෙදි ඇති අද (08) දින පාසල් සිසුවියක් තම පදිංචි නිවසේ ගෙල වලලාගෙන මිය ගොස් ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.
මෙසේ මිය ගොස් ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් ටින්සින් වතුයායේ ටින්සින් දමිල මහා විද්‍යාලයේ උසස්පෙල හදාරමින් සිටි මුත්තුමණි ප්‍රියවංශනි නැමති 18 හැවිරිදි පාසල් සිසුවියයි.
අද අලුයම 3 ට පමණ අවදි වි ඇති පාසල් සිසුවිය පාඩම් කරන බව පවසා නිවසින් පිටතට පැමිණි තම නිවසේ වහලේ බාල්කයේ මවගේ සාරියකින් ගෙල වැලලාගෙන ඇති බවයි බගවන්තාව පොලිසිය පැවසුවේ.
මිය ගිය සිසුවිය බාල්කයේ එල්ලි සිටින බව ඇයගේ සොහොයුරියක් විසින් අලුයම 5.30 ට පමණ දැක එ බව බගවන්තලාව පොලිසියට දැනුම් දි ඇත.
සියදිව් හානි කරගත්තේ යැයි කියන පාසල් සිසුවිගේ පාද දෙක ගැට ගසා තිබිම සම්බන්ධයෙන් මෙය සිය දිව් හානි කරගැනිමක්ද නැතහොත් ඝාතනයක්ද යන්න පිලිබදව බගවන්තලාව පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂන ආරම්භ කර තිබේ.
මිය ගිය පාසල් සිසුවියගේ දේහය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කරන බව බගවන්තලාව පොලිසිය පැවසිය.
– හැටන් රංජිත් රාජපක්ෂ
මේ ගැන මාගේ බලවත් ශෝකය.
ඒ වගේම කාන්තා දිනයේ, මැදපෙරදිග හාම්පුතුන් යටතේ වැඩ කරන කාන්තාවන් ගැනත් අමතක නොකර බෑ.රටේ රස්සා තිබා නම් ඒ කාන්තාවන් අද මේ රටේම ඉදගෙන කීයක් හරි හම්බ කරගෙන හවසට දරුවෝ එක්ක ගෙදර ඉන්නවා.
මියුසියස් එකෙන් නීති උපදෙස් ගත්තානම් වැඩේ ගොඩ දාගන්න පුලුවන්…
නිවන් සැප ලැබේවා