ජාත්‍යන්තර ණය වාරික ගෙවීම කල් දමා ජනතාව කන්න බොන්න ගෙන ආ යුතුයි..

January 12, 2022 at 1:20 pm | lanka C news
ජාත්‍යන්තර ණය වාරික ගෙවීම කල් දමා ජනතාව කන්න බොන්න ගෙන ආ යුතුයි..

ආණ්ඩුව ජාත්‍යන්තර ණය ගෙවීමට පෙර රටේ ජනතාව ජීවත්කරවීඹ උදෙසා කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උතුරු පලාත් සංචාරයක නිරත වෙමින් ජනරැලියකදී පවසා සිටියේය.

විපක්ෂ නායක වරයා මේ දිනවල උතුරේ සංචාරයක නිරත වන අතර ඊයේ සහ අද (12) දිනයන්හි කිලිනොච්චිය සහ යාපනයේ ජනහමු කිහිපයක් වෙනුවෙන් සහභාගී විය.

එමෙන්ම “දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු සහ නවීන පරිගණක පරිත්‍යාග කරන වැඩසටහනක් වන “සක්වල” වැඩසටහන යටතේ දුෂ්කර පාසල් වෙනුවෙන් අධ්‍යාපනික තාක්ෂණික උපකරණ ලබා දීම සහ “සමගි ජන බලවේගයේ හුස්මක්” වැඩසටහනට සමගාමීව උතුරේ දුෂ්කර රෝහල්වෙත අත්‍යවශ්‍ය රෝහල් උපකරණ ලබා දීමටද විපක්ෂ නයක වරයා විසින් පියවර ගන්නා ලදි.

මේ අතර උතුරේ ස්ථාන කිහිපයකදී විපක්ෂ නායකවරයා පැවති ජනහමුවලට සහභාගී වෙමින් ජනතාව අමතා පවසා සිටියේ,

‘‘ළගදීම ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණය ගෙවන්න තියෙනවා. නමුත් මොනව කරන්නටත් පෙර ජනතාව ජීවත් කරන්නට ඕනි කියලා ආණ්ඩුවට කියන්න කැමතියි. ජනතාවට අවශ්‍ය ආහාර ටික, ඖෂධ ටික,  ඉන්ධන ටික ලබාදීම මේ ආණ්ඩුවේ වගකීම. ඉන්ධන නැතිවුනොත් රටේ කර්මාන්ත පද්ධතියම, ජන සමාජයම කඩාගෙන වැටෙනවා. ආණ්ඩුවට සැලැස්මක් නැද්ද මේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න. ආණ්ඩුව දක්ෂ රටේ ආර්ථික ප්‍රශ්න, ඩොලර් ප්‍රශ්න විසඳන්න නෙමෙයි. ආණ්ඩුව කරන්නේ ජාතීන් ජාතීන්, ආගම් අතර වෛරය පතුරවලා අනවශ්‍ය තත්වයක් නිර්මාණය කරන එකයි.

සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී රටට අගයක් එක් කරන දේශපාලනයක යෙදෙන සියළු පාර්ශව වලට මම ආරාධනා කරනවා.

මේ ව්‍යසනකාරී මොහොතේ පවා මැති ඇමතිවරු ලෝකෙ පුරා සංචාරය කරනවා. එකපැත්තකින් විදුලි බල අමාත්‍යංශයට සහ ඛනිජ තෙල් අමාත්‍යංයට එක්ව තීන්දුවක් ගන්නට බැරි තරමට පිරිහිලා.

අද සියලු ශ්‍රේණිගත කිරීම්වල අපේ රට පහළට ඇදවැටිලා ආණ්ඩුව පත් වූ සැනින් කෝටිපතියන්ට බදු සහන ලබාදෙමින් සිදුකළ අදූරදර්ශී අන්තනෝමතික ක්‍රියාවලිය හේතුකොටගෙන මූලිකව රටේ පරිහානිය සිදු වීම ආරම්භ වූණා. අද වන විට අත්‍යවශ්‍ය ඖෂධ ටික ලබාගැනීමට පවා මුදල් අහිමි වූ බංකොලොත් තත්වයකට රට පත්වෙලා.

– වන්නි රොමේෂ් මධුෂංඛ

13,822 views

24 Comments to “ජාත්‍යන්තර ණය වාරික ගෙවීම කල් දමා ජනතාව කන්න බොන්න ගෙන ආ යුතුයි..”

  1. චන්ද දායක says:

    විසඳුමක් කියලා මේ හුචක්කුව බලයට ගේනවා එහෙම නෙමෙයි. මේ කාසියෙ අනික් පැත්ත.

  2. Balana Rala says:

    What???
    One day he is criticizing the government for not paying the loan instalment the other day he is screaming not to pay it!!!
    What a joker he has been.
    His party should consider Dr. Harsha de Silva as their next leader . The guy at least has a brain to understand what is happening and what should be done.
    Not this joker please.

  3. බයියා says:

    මේ වගේ මෝඩ මීහරකෙක්. අනාගතයක් ගැන කිසිම දැක්මක් නැති හිපාටුවෙක්

  4. Sura says:

    1977න් පස්සේ තොපේ සනුහරේ ලංකාවට කරපු විනාශේ තමයි අද අපි මේ බුක්ති විදින්නේ.
    ශෝබන ආර්ථික රටාවකට රට හරවලා විදේශයන් මත යැපෙන රටක් බවට පත් කරවපු එකේ ආදීනව විදින්න, මේ විනාශය කරපු තොපේ මහඑවුන් එකෙක්වත් අද නැති එක තමා දුක.

  5. Gamarala says:

    මුන් වසර 73ක් ජනතාව රැවට්ටුවා හොදටම ඇති. මුන්ට චන්දෙ දීමෙන් වලකින්න

    • Red Line says:

      ජනතා ද්‍රෝහීන් 225 එක්ව මීලඟ ණය වාරික ගෙවූ සැනින් ශ්‍රී ලංකාව විසාලවක් වනු ඇත.
      (රටේ ඩොලර් නැතුවා නොව,ඩොලර් ඇත.ණය ගෙවීම සඳහා ඒවා සඟවාගෙන ඇත.මීලඟ ණය වාරික ගෙවීම සඳහා ඩොලර් එකතු කිරීම හා ඉතිරිකර ගැනීම නිසා පොහොර,ඖෂධ,ඉන්ධන,ගෑස්,ආහාර ද්‍රව්‍ය හා ළදරු කිරිපිටි ආනයනය ඇනහිටිනු ඇත.)
      විසඳුම නම් මිනිස් ජීවිත මරණයට කැපකර 225ම එකතුව කරන මේ අමානුෂික ණය ගෙවිල්ල වහාම නවතා දැමීමයි.නමුත් අවසාන මොහොතේ හෝ අමානුෂික ණය ගෙවිල්ල නවතා දමා රට විසාලා මහනුවරක් වීම වලකාගන්නට මොළයක් හෝ හදවතක් නැති මේ 225න් එකෙකුවත් ඉදිරිපත් වන්නේ නැත.මේ රූකඩයින් 225 නටවන සැබෑ හස්තය වන බටහිරට එරෙහිව, ණය ගෙවිල්ලට එරෙහිව,කෙදිරියක්වත් නගන්නට 225ට නොහැකිය.ජනතාව ඉතිරිව ඇති තම ශක්තිය මත විශ්වාසය තබා තමන්ම ඉදිරිපත්ව පෙරමුණ ගත් විට ඔවුන් සතු බලය තමන්ව පෙලන,තම අභිවෘදිය වලකාගෙන සිටින,තමන්ව විනාශය කරා රැගෙන යන, මේ සියලු දේශපාලන පක්ෂ, 225 හා එවා සමග බද්ධව ඇති පාලක පැලැන්තියේ හා ජාවාරම්කාර ධනපතියන්ගේ බලය අභිබවනු ඇත.

  6. Hira says:

    mey yaka hitiyanam lankawa surapurayak wenawalu. aney mage kata……… Gon wassek. mey ratata mey wage diyaru nayakayek soyanney sulu jathin misak maha jathiya nowe.

  7. ගෝඨාභය විතරයි එකම විසදුම. කරන්න බැරි දේවල් නොකියන , කරනදේ විතරක්ම කියන්නේ ගෝඨාභය. අනෙක් හැම එකාම බොරුකාරයෝ.

  8. නොදකිං says:

    මේකාගෙ හිතේ ණය නොගෙවා කාලා බීලා ලැට්වල පිරෙව්වම රට dhiයුණු වෙනවා කියලයි

  9. පද්මාල් says:

    මේ යකාගේ මෝඩකම මේ කතාවෙන්ම තේරෙනවා. මේ වගේ ආර්ථික දැනුමක් ඇති එකෙක් රටේ නායකයා උනොත් වෙන දේ හිතාගන්නත් අමාරුයි.

Main News