ජාත්‍යන්තර පාසැලක ගුරුවරියකට කොරෝනා.. පාසල වසා දමයි…

February 16, 2021 at 8:40 am | lanka C news
ජාත්‍යන්තර පාසැලක ගුරුවරියකට කොරෝනා.. පාසල වසා දමයි…

හැටන් ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන ජාත්‍යන්තර පාසලක ගුරුවරියකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු නිසා එම පාසල විෂබිජහරණය කරන තෙක් (16) දින සිට තාවකාලිකව වසා දැමු බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු ගුරුවරිය සහ ඇයගේ පෙම්වතා හදිසියේ ඇති වු රෝගි තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනිම සදහා (15) දින දික්ඔය මුලික රෝහල වෙත ගිය අවස්තාවේ දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් විසින් රොගින් දෙදෙනාම ඇන්ටිජන් පරික්ෂණයට භාජනය කර ඇති අතර, එහිදි ගුරුවරියට සහ ඇයගේ පෙම්වතාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවත්,කොවිඩ් 19 වෛරසය අසාදනය වු ගුරුවරිය වලපනේ සහ පෙම්වතා බගවන්තලාව නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කල බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසිය.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු ගුරුවරිය ඉතා ආසන්න දිනයකදි පාසලේ ඉගැන්විම් කටයුතු සිදු කර ඇති බවත්,අසාදිත ගුරුවරිය 6 වසරේ සිට 11 වසර දක්වා පන්ති සදහා ඉගැන්විම් කටයුතු සිදු කරන බව තහවුරුවි ඇති බවයි  මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ.

එම ජාත්‍යන්තර පාසලේ ළමුන් දහසක් පමණ අධ්‍යාපනය ලබන අතර අචාර්ය මණ්ඩලය 40 දෙනෙකුගෙන් සමන්විත වෙයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

27,978 views

One Comment to “ජාත්‍යන්තර පාසැලක ගුරුවරියකට කොරෝනා.. පාසල වසා දමයි…”

  1. පාර්ලිමේන්තු වටරවුමේ ඇවිදින මං තීරුව (jogging track) says:

    අපේ රටේ මිනිස්සුන්ගේ විනය හැදෙනකල් කිසිම දෙයක් හරියන්නේ නැහැ. සරලම උදාහරණය තමයි පාර්ලිමේන්තු වටරවුමේ ඇවිදින මං තීරුව (jogging track). එකේ බහුතරයක් ඇවිදින අය උසස් රැකියාවල නිරත සහ බුද්දිමත් යයි කියාගන්නා පිරිසක්. නමුත් ඇවිදින විට 95% මුක ආවරණ ගලවාගෙන තමයි යන්නේ. ආශ්වාස ප්‍රශ්වාස කරද්දී එකිනෙකා ගැටෙනවා ඉතාම ලගින්. එකෙක් තවකෙකු පසුකරයද්දී තදින් ආශ්වාස ප්‍රශ්වාස කරයි. එවිට අනෙකා ආග්‍රහණය කරයි. මේ සංසිද්දිය ඉතාම බරපතලයි සාමාන්‍ය මුණගැසීමකට වඩා. නමුත් තේරුම් ගන්නා කෙනෙක් නැත. ඒ ගැන කියාදෙන්න බලදරියෙක් නැත. මාධ්‍ය වලින් මේ තරම් සංවේදී කරුණු පහදා දෙන්නේ නැත. උගත් යයි කියාගන්නා උන් මෙහෙමනම් බුද්ධි මට්ටම අඩු ජනතාව ගැන කවර කතාද? අපේ රට හදන්න නම් දැඩි නීති සහ නීති කඩකරන්නන්ට දැඩි දඩුවම් ඕන.

Main News