ජාත්‍යන්තර බැංකු කොල්ලයකට රිමාන්ඞ් කර සිටි හංසයා පක්ෂයේ සභාපති නිදහස්…
November 6, 2017 at 3:00 pm | lanka C news
පසුගිය ඔක්තොම්බර් 10 වන දින සිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ලිත්‍රො ගෑස් සභාපති ශලීල මුණසිංහ මහතා ඇතුළු සැකකරුවන් සිවු දෙනෙකු අලූත්කඬේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද දිනයේ අප මත නිදහස් කර ඇත.
මෙම පිරිසට විදේශගතවීම තහනම් කර ඇති අතර එක් අයෙකුට රුපියල් 50,000ක ශරීර ඇප හා ලක්ෂ පහ බැගින් වන ශරීර ඇප තුනක් මත මෙසේ මුදා හැර තිබේ.
අන්තර්ජාලය ඔස්සේ තායිවාන බැංකුවකින් අමෙරිකානු ඩොලර් මිලියන දෙකකට වැඩි මුදලක් (රුපියල් කෝටි 30ක් පමණ) සොරකම් කලේ යයි සැක පිට මෙම පිරිස රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා තරග වැදුනු හංසයා පක්ෂයේ සභාපතිවරයා වන ශලීල මුණසිංහ මෙරට පුරවැසිභාවය නැති පුද්ගලයෙක් යයිද වාර්තා පල විය.
Kamba horunta ay tak gala apa hambawennne
danne nathi nisa ahanne
What kind of judisary? International robbers are free people who love to country no bail. This is Mother’s law coming from BAGALAWATHI
බඩ ගින්නට උයන්න කඩාගත් අඹ ගෙඩි තුනට රිමාන්ඩ්. ස්වාමියා වෙනුවෙන් රුපියල් ලක්ෂයක ශරීර ඇපයට කිරි සප්පයින් ඉන්න අම්ම රිමාන්ඩ්. ලංකාවට ඉහලම අපකීර්තියක් ගෙනා අශ්ලීලය ඇපමත නිදහස්. මයිතුනයට බයේද, රන්නපොනියට බයේද. මුන්ගේ අම්මගේ නීතිය. තව ටික දවසක් යනකොට දකුණු ඉන්දියාවේ සිනමාවේ වීරයාගේ චරිතය අපේ රටේ සාධාරණය වෙනුවෙන් මෙහේ ක්‍රියාත්මක කරන්න වේවි.
පොල් ගෙඩි 22 ට අවුරුදු 2යි. බැංකු සුද්දෙට දවස් 24යි.
ශලීල මුණසිංහ මහතා,,,
මෙවන් ජාත්‍යන්තර හොරුන්ට අමතන්නේ මහතා කියාද?
සුළු වරදක්නෙ කරල තියෙන්නෙ. බෑන්කුවක්නෙ කඩලානෙ තියෙන්නෙ ඒකයි දවක් 24න් එලියට ආවෙ. ඔන්න වාහන අවබාවිතා කරා ලොකු වරදක් කරලා තිබුනනන් මාස 6කින් වත් ලේසියෙන් එලියට එන්ඩ හම්බ වෙන්නෑ.