ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් රාජ්‍ය සේවකයන් අඩු කරන්නැයි කියනවා..

December 23, 2021 at 8:40 am | lanka C news
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් රාජ්‍ය සේවකයන් අඩු කරන්නැයි කියනවා..

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගොස් ණය ඉල්ලිිමෙිි බැරි කමක් නොමැති බවත් ණය ඉල්ලු ගමන් ණය ලබා දෙන්නේ රාජ්‍ය සේවය කප්පාදු කිරිම සදහා කොන්දේසි දමා යැයි ආණ්ඩුව පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාව මහතා පවසයි.

බලන්ගොඩ ප්‍රදේශයේදි පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙිි බව පැවැසිය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අකිල සාලිය එල්ලාව මහතා මෙසේයද කිිය –

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පලවැනිම ඉල්ලිම තමයි මෙිි රටෙි ලක්ෂ 15 ක් සිටිනා රාජ්‍ය සේවය කප්පාදු කරන්න කියන එක.දැන් මෙිි වගේ අවස්ථාවකදිි රාජ්‍ය සේවය කප්පාදු කරන්න පුළුවන් ද ?ජනතාව මාසේ අන්තිමට ගන්න පඩිය හෝ දිිමනාව නැති වුනොත් මෙිි අවස්ථාවෙිි මොකද වෙන්නේ ? අද මෙිි ප්‍රධාන පෙලේ රටවල් කියන ඇමරිකාව , ඉන්දීයාව,ඔස්ටෙිලියාව, ජමනිය, වැනි රටවල්වල ලක්ෂ ගණනක් මිනිස්සු කොරෝනා ව්‍යප්තියක් සමග එලියට දැමිමා.නමුත් අපේ රටෙි ලක්ෂ පහලොවක රාජ්‍ය සේවය වැඩි කලා මෙසක් අඩු කලේ නැහැ.

2020 වසරේ අපි ඩොලර් මිලියන 1000 ක ණය ගෙවිවා.අපිට ලබන ජනවාරි මාසයේ ඩොලර් මිලියන 1500 ක් ගෙවන්න තියෙනවා.නැතිනමි ඩොලර් බිලියන 1.5 ක් ගෙවන්න තියෙනවා.අපි රජයක් විදිහට උත්සාහ කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ගන්නවාට වඩා තියන ණය බර අඩු කර ගන්න.

– බලන්ගොඩ සමිපත් ප්‍රියනන්දන

34,483 views

27 Comments to “ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් රාජ්‍ය සේවකයන් අඩු කරන්නැයි කියනවා..”

  1. ලක්ෂ ගනනක් නිලධාරීන් හැටියට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල වලට බඳවගෙන ඉන්නවා කිසිම ඵලදායි සේවයක් නොකර පඩිගන්නවා, රජයෙන් තව ස්කුටරයක් මොටර් ස්යිකලයකුත් දීල නඩත්තු කරනවා, මොනවාද? මොවුන්ගෙ සෙවාව? සන්වර්ධන නිලධරි තනතුරේ තමන්ගෙ සන්වර්ධනය නම් කරගන්නවා ප්‍රදේශයෙ රවුමක් ගිහින් ගැහැනු ටික එකතු කරගන්නවා කාගෙ හරි මල්පොච්චි ටික සීට්ටු ක්‍රමයට විකුනන්න ප්‍රමෝට් කරනවා තමන්ට නොමිලේ සෙට් එකක් ලැබෙනවා, ඇලුමීනියම් ප්ලාස්ටික් බඩු සෙට් සීට්ටු ක්‍රමේට ප්‍රමෝට් කරනවා තමන්ට සෙට් එක කොමිස් හැටියට නිකන් ලැබෙනවා, කොන්ක්‍රීට් ගාඩ්න් මේස පුටු ප්‍රමෝට් කරනවා සෙට් එකක් නිකන් ලැබෙනවා, අඳුර ගත්තු ගැහැනු ටික එකතුකරගන්නවා සමිතියක් අටවගෙන කාගෙ හරි ඉන්සුවරන්ස් එකක් ප්‍රොමෝට් කරල කොමිස් ලබනවා, මාසෙ අන්තිමට වාර්තාවක් හදල සභාවට ඉදිරිපත් කරනවා ගමේ සන්වර්ධනය ගැන, මොනවද ලියන්නෙ ? සිරියාවතී ගෘහස්ත කර්මාන්තයක් කරනවා ගෙදර මැශිමක් තියාගෙන ඇඳුම් මහනවා, රන්ජිත් ගෘහස්ත කර්මාන්තයක් හැටියට වඩු වැඩ කරනවා, නිමල් මල් පොච්චි හදනවා, සරත් ගඩොල් කපනවා, ඔන්න මේ මිනිස්සු එදා ඉඳන් ජීවිකාව කරගෙන ආ දෙවල්, සන්වර්ධන නිලදාරින් හැටියට මේ ගොල්ලො මොනවද අමුතුවෙන් කරල තියෙන්නෙ?
    කෘෂි නිලදාරියෙක් ඉන්නවා, මොනවද කරන්නෙ මොනවද ගොවියට දෙන උපදෙස්’ ඒ ගොල්ලන්ට ගොවියන් ගෙන් ගන්න බොහෝ උපදෙස් තියෙනවා, ලස්සනට ඇඳගෙන ගියාට කෘෂිකර්මාන්තය ගැන දන්නඉටිගෙඩියක් නැහැ, අඩු තරමෙ නිලධාරියාවත් පෙනෙන්න නැහැ, A.G.Office වල පවුල් උපදෙශිකාවන් ඉන්නවා, ඔවුන්ගෙ පවුල්වල සේරටම වඩා ප්‍රශ්න,උපදෙස් ගන්න යන මිනිසුන්ට ඔවුන්ගේ දුක්ගැනවිලි කියනව, මෙලො හසරක් නැති එවුන්ට දේශපාලන පත්වීම් ලක්ෂයකට වඩා ඩීල නඩත්තුකරන්නෙ මේ රටේ දුප්පත් අසරන මිනුසුන්ගෙ බදු මුදලින්. මම නම් හිතන්නෙ වසරක සේවා කාලයක් තුල මේ අයගෙ ඵලදායි තාවය සොයා බලා වැඩකට නැති හැම කෙනාවම සේවයෙන් ඉවත්කර පෞද්ගලික අන්ශයට යොමුකලයුතු කාලය ඇව්ත්

  2. OBSERVERS says:

    During the former President Premadasa regime , in 1990 , 44/ 90 circular was brought and government servants who had a service of over 20 years were allowed to retire and theIr pension was paid immediately , also allowing those who did not have 20 years service also to retire on the assurance that their pension would be started to pay once they completed 20 years. This was also , most probably on the instruction of IMF or World bank. Why was that step did not bring favourable results to the country?May be that all the subsequent governments again used government service to give appointments to their supporters and also to solve youths unemployment problem .

  3. 0.00069 BIYYO says:

    රාජ්‍ය සේවකයො නෙමේ රටේ ඉන්න ජනගහනයට සාපේක්ෂව ඉන්න ඔය ජනතා නියෝජිතයො ප්‍රමාණය වැඩි නිසා අඩු කරයි කියලා බයටයි ඔය. අනිත් අතට මුන්ට හොරාකන්න වෙන්නෙ නෑනෙ.
    දැන් තේරුම් ගනික්කෝ මේ කයලක්නනි දේශෝලුවෝ ආදරේ මිනිස්සුන්ට නැත්තං මිනිස්සුන්ගේ ඡන්දෙ ට ද කියලා. ඊළඟ පාර තමන්ගේ බලය ගන්නේ කොහොමද අන්න ඒක තමා වැඩපිළිවෙළ. පුටු ගානට වඩා ප්‍රාදේශීය සභා පළාත් සභා වල පත්වීම් දීලා. පොලිසියේ හමුදාවේ 40000 වැඩිය ඉන්නවා මැති ඇමතිලා රකින්න. ඒ අස්සේ අක්කර ගනන් ඉඩම් පිටරටට තුට්ටුවට විකුණනවා. ඉතින් කොහෙද ප්‍රිවෙට් සේක්ට එක දියුණු කර්න්නේ. ඔක්කොම ආණ්ඩුවට බර තමා. එදා ඉඳන් කරේ ණයට අරන් මේ ආන්ඩුවේ හෙන්ච්යයියාල නාලවපු එක. ගිලෙන්න යනකොට කීයක් හරි හොයාගන්න දැන් හිඟා කනවා.

  4. Eri Claud says:

    When go to IMF they will say to reduce the government severntes. Reduce the unwanted spending. Same time some people from IMF might visit to our country to see the situation. When go to Google can see what are the rules and regulations.

  5. Kamarraj says:

    Ei palath palana members atadhas ganak innawa, palathsabha 9ma harasiyaganak members innawa. Anna e pramane adu karanna. Ethakota oya barak enne.

  6. Elmo Perera says:

    60% OF THE PUBLIC SECTOR IS EXCESS STAFF.
    DIGITIZATION SHOULD BE EXPEDITED DESPITE OBSTRUCTION.WE SHOULD HAVE USED THE US MILLENNIUM GRANT TO DO THAT

Main News