ජාත්‍යන්තර යෝගා දිනය යාපනයේ පාසල් දරුවන් සමරයි..
June 22, 2018 at 2:12 am | lanka C news
නිරෝගිමත් දිවියක් වෙනුවෙන් (21) යෙදී ඇති ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් යාපනයේ පාසල් කිහිපයක වැඩසටහන් සංවිධානය කොට තිබුණි.
යාපනය වෙම්බඩි මහා විද්‍යාලයේ පාසල් දැරියන් විසින් විශේෂ වූ යෝගා වැඩසටහන්ක් සංවිධානය කොට තිබූ අතර මෙම අවස්ථාවට යෝගා වැඩසටහන් පිළිබඳ වූ ඉන්දීය දූත පිරිසක්ද සහභාගී වී සිටියහ.
අදට යෙදී ඇති යෝගා දිනය ඉදිරියේදී සෑම පාසල් දිනකම පාසල් දරුදැරියන්ට අවබෝධය ලබා දී යෝගා වැඩසටහන්ද ලබා දෙන්නේ නම් පාසල් දරු දැරියන් නිරෝගිමත් දිවියක් සමග අධ්‍යාපන කටයුතු සිදු කිරීමට හැකි බවටද වැඩසටහන් අවස්ථාවට සහභාගී වූ ඉන්දීය දූත පිරිස් අවධාරණය කොට සිටියහ.
යෝගා වැඩසටහන් අවස්ථාවට උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන්, වෙම්බඩි මහා විදුහලේ උප විදුහල්පතිනිය ඇතුලු ආචාර්ය මණ්ඩලයද සහභාගී වී සිටියහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ
පිරපාකරන් සයනයිට් කරල පාසල් දරුවන්ගේ බෙල්ලේ දාලා මේ විදියට කලාලු