ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට..

November 15, 2016 at 2:05 am | lanka C news
ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට..

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත නොවැම්බර් මස 03 වන දිනට යෙදී ඇති මාර්ග අනතුරුවලට ලක්ව විපතට පත්වූවන් සැමරීෙමි ලෝක දිනයට සමගාමීව 2016 නොවැම්බර් මස 15 සිට 18 වන දින දක්වා අනතුරු නිවාරණය පිළිබද ජාතික සතියක් ක‍්‍රීයාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු වැළැක්වීම පිළිබද කේන්ද්‍රීය ඒකකය වන බෝනොවන රෝග අංශය විසින් තීරණය කර ඇත.

ඒ අනුව අදින් (15) ආරම්භවන මෙම අනතුරු නිවාරණ ජාතික සතිය දින 04 ක් පුරා දීප ව්‍යාප්තව පවැත්වීමට කටයුතු යොදා ඇත. අද පාසල් සහ පෙරපාසල් සුරක්ෂිත දිනය ලෙස ද, 16 වන දා රාජකාරී ස්ථාන සුරක්ෂිතතා දිනය ලෙස ද, 17 වන දා ගෘහස්ථ ආරක්ෂිතතා දිනය ලෙස ද, 18 වනිදා මාර්ග සුරක්ෂිතතා දිනය ලෙස ද වෙන් කර තිෙබි.

වර්තමානයේ දිනකට මාර්ග අනතුරු 06 ක් 08 ක් සංඛ්‍යාවක් සිදු ෙවි. මෙම සතිය තුල දී මහජනතාව දැනුවත් කිරීම, අනතුරු සිදුවීෙමි අවදානමක් ඇති ස්ථාන පරීක්ෂා කිරීම, ඉදිරියේ දී අනතුරු ඇතිවීෙමි අවදානම අවම කිරීම සදහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිර්ඝ කාලීන ක‍්‍රීයාමාර්ග ගැනීමටත් අපෙක්ෂා කෙරේ.

ශ‍්‍රී ලංකාව තුල හදිසි අනතුරු නිසා පීඩාවට පත්වන සහ මියයන සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙමින් පවතී. ෙමි නිසා වාර්ෂිකව මිලියනක් පමණ පුද්ගලයින්ට රෝහල්වල නේවාසික ප‍්‍රතිකාර ගැනීමට සිදුෙවි. මාරක සහ දරුණු ගණයේ අනතුරු වලට ප‍්‍රධානතම හේතුව වන්නේ මාර්ග අනතුරුය. වාර්ෂිකව මාර්ග අනතුරු නිසා පුද්ගලයින් 37,000 කට අධික ප‍්‍රමාණයක් විපතට පත්වන අතර, ඒ හේතුවෙන් වාර්ෂිකව 2500 කගේ පමණ ජිවිත අහිමි ෙවි. 2016 වර්ෂය වන විට මෙම මරණ සංඛ්‍යාව 2800 කින් පමණ වර්ධනය වී ඇත. මීට අමතරව බොහෝ පිරිසක් දිර්ඝකාලීන ආබාධිත තත්ත්වයට පත් ෙවි. එම පුද්ගලයින්ට ප‍්‍රතිකාර කිරීමට සහ පුනරුත්ථාපනයට ද රජයට අධික වියදමක් දැරීමට සිදුෙවි. මාර්ග අනතුරුවලට ගොදුරුවන්නන් අතර බහුතරයක් අවුරුදු 15-40 අතර වයස් කාණ්ඩයේ පිරිස් වන අතර, ඔවුන් රටේ ඵලදායී නිෂ්පාදක කණ්ඩායමට අයත් පුද්ගලයින් ෙවි. මෙම තත්ත්වය රටේ ආර්ථීකයට ද බලපෑමක් එල්ල කරනු ලබයි.

2016 වර්ෂයේ මුල් මාස 06 තුළ දී මූලික රෝහල් සහ ඉහළ මට්ටෙමි රෝහල් වලින් ලබාගත් හදිසි අනතුරුවලට අදාල දත්ත වලට අනුව අනතුරුවලට ගොදුරුවූවන් පිිළිබද ස්ත‍්‍රී පුරුෂ අනුපාතය 1:2 කි. (සියයට 34 ක් ස්ත‍්‍රී සියයට 66 පුරුෂ) වාර්තා කරන ලද සියළුම අනතුරුවලට අනුව සත්ව සපාකෑම් සියයට 29.9 කි. ප‍්‍රවාහන අනතුරු (මාර්ග අනතුරු දුම්රිය අනතුරු සහ ජලයේ ප‍්‍රවාහන අනතුරු) සියයට 17.6 කි. වැටිම් සියයට 16.9 කි. කැපීම් සහ ඇනීම් සියයට 11.1 කි.

එමෙන්ම අනතුරු හේතුවෙන් වාර්තා වූ මරණ දෙස බැලීෙමි දී ප‍්‍රවාහන අනතුරු හේතුවෙන් සියයට 29 ක් ද, වැටිම් හේතුවෙන් සියයට 09 ක් ද, විෂවීම් හේතුවෙන් සියයට 09 ක් ද, සියදිවි හානිකර ගැනීම් හේතුවෙන් සියයට 09 ක් ද, ස්වභාවික බලෙවිග නිිසා සියයට 08 ක් සහ දියේ ගිලීම් හේතුවෙන් සියයට 06 ක් වශයෙන් වාර්තා ෙවි. ශ‍්‍රී ලංකා පොලීසියේ වාර්තාවලට අනුව 2016.01.01 සිට 2016.09.03 දක්වා සිදු වූ මාර්ග අනතුරු දෙස බැලීෙමි දි මරණීය අනතුරු 2019 ක් ද, බරපතල අනතුරු 6142 ක් ද, සුළු අනතුරු 11,132 ක් ද, දේපල හැනි 10,266 ක් ද, ඒ අනුව මුළු අනතුරු 29630 ක් සහ සිදුව ඇති මරණ සංඛ්‍යාව 2207 කි.

– නිපුන් ඒකනායක

29 views
Main News