‘ජාතික අරගලය දරුවන්ට ඉගැන්වීමයි.. එය පරාජය කරන්න එපා..’- නාමල් ගුරුවරුන්ට කියයි..

July 16, 2021 at 8:02 am | lanka C news
‘ජාතික අරගලය දරුවන්ට ඉගැන්වීමයි.. එය පරාජය කරන්න එපා..’- නාමල් ගුරුවරුන්ට කියයි..

‘වර්තමානයේ ජාතික අරගලය වන්නේ දරුවන්ට ඉගැන්වීමයිග එය පරාජය කරන්න එපා’ යයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ පිටත්වීමේ මගී පර්යන්තයේ අලුතින් ඉදි කරන ලද ‘විගමන පියස‘  15 දින  ජනතා අයිතියට පත් කළ අවස්ථාවේදී  තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල පරිශ්‍රයේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී  ගුරුවරුන් ඔන්ලයින් පන්ති වර්ජනය කරමින් දිගින් දිගටම පවත්වාගෙන යන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට අමාත්‍යවරයා පිළිතුරු ලබාදුන්නේය.

ගුරුවරුවන්ගෙන් මා ඊයේ දිනයේත් ඉල්ලීමක් කළා අදත් ඒ ඉල්ලීම කරනවා ආණ්ඩුව සමග හෝ පොලීසිය සමග හෝ තිබෙන ගැටලුවලට දරුවෝ පලි නැහැ. ඒ නිසා දරුවෝ දිහා සානුකම්පිතව බලන්න.

ආණ්ඩුව සමග තිබෙන ගැටලු සාකච්ඡා කර විසඳාගත යුතුයි. දරුවෝ ගැන හිතලා ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන්න.

වෘත්තිය සමිති වශයෙන් තම අයිතීන් ජයග්‍රහණය කරගන්න ඔවුන්ට අයිතියක් තිබෙනවා. ඒ වෙනුවෙන් ප්‍රකාශ ඉදිරිපත් කරන්නත් ඔවුන්ට අයිතියක් තියෙනවා. ඒ අයිතිය අපි තහවුරු කළ යුතුයි.

නමුත් තම අයිතිය තහවුරු කරගැනීමට යාමේදි තවත් කෙනෙකුගේ වරප්‍රසාදයක් හෝ අයිතිවාසිකමක් උල්ලංඝනය වෙනවා නම් සැබෑ වෘත්තීය සමිති ව්‍යාපාරය යනු එය නොවේ.

සැබෑ වෘත්තීය සමිති ව්‍යපාරය කියන්නේ තමන්ගේ අරගලය ජයග්‍රහණය කිරීම තුළ ජාතික අරගලයත් ජයග්‍රහණය කිරිමයි.

තමන්ගේ අරගලය ජයග්‍රහණය කිරීම තුළ ජාතික අරගලය පරාජය කරන්න එපා කියලා මම ගුරුවරුන්ට කියනවා. ජාතික අරගලය වෙන්නෙ දරුවන්ගේ අධ්‍යාපනය.

ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ගුරුවරුන්ගෙන් දරුවන්ට ඉගැන්වීමේ ජාතික අරගලය පරාජය නොකර තමන්ගේ අරගලය ජයග්‍රහණය කරන ලෙස.

ගොඩනැගිලි හදලා සියලුම තාක්ෂණය ගෙනවිත් දරුවන්ට ඉගැන්නුවේ නැත්නම් එහි ප්‍රයෝජනයක් නැහැ.

ඒ නිසා විශේෂයෙන්ම දරුවෝ ගැන හිතලා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට උදව් කරන්න කියලා ඉල්ලනවා.

අධ්‍යාපන අමාත්‍යංශයත් සමග එක්ව ග්‍රාමීය ප්‍රදේශවල අන්තර්ජාල මධ්‍යස්ථාන 3000කට වැඩි ප්‍රමාණයක් ඇති කර තිබෙනවා. ඒ මධ්‍යස්ථාන වෙත පැමිණ දරුවන්ට අධ්‍යාපනය හදාරන්න පුඵවන්.

අතිගරු ජනාධිපතිතුමාගේ ගමට සන්නිවේදන සංකල්පය යටතේ මේ වනවිටත් රත්නපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ඒ වගේම මාතර සහ මේ අවුරුද්ද අවසානයේ දිස්ත්‍රික්ක 10කත් ලබන අවුරුද්ද අවසානයේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදිත් සන්නිවේදන කුලුණු ඉඳිකිරිමේ වැඩපිළිවෙළ සහ කුලුණු යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙළ අප ආරම්භ කර තිබෙනවා.

තවත් සාධනීය කාරණයක් විදියට එන්නත්කරණය අවසන්වීගෙන යනවා. අපි විශ්වාස කරනවා ග්‍රාමීය පාසල් ඉතාමත් ඉක්මනින් එන්නත්කරණය අවසානයේ ආරම්භ කිරීමට හැකිවෙයි කියලා විශ්වාස කරනවා. ගුරුවරුන්ගේ හා පෙර පාසල් ගුරුවරුන්ගේ එන්නත්කරණය ආරම්භ කර තිබෙනවා. මේ තුළ ඉතාමත් කඩිනමින් දරුවන්ගේ පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.

Zoom තාක්ෂණය ඔස්සේ සහ අනෙකුත් Microsoft Teams වලට අමතරව ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය  (LMS System – Learning Management System) පාසල් 20 ක්‍රියාත්මක වෙනවා. ලබන මාසේ වනවිට එය පාසල් 200ක් පමණ වෙනවා. අවුරදු 1 ½ ක් ඇතුළත සියලුම පාසල් ආවරණය වන පරිදි LMS System එක හඳුන්වාදෙනවා.

e- තක්සලාව platform එක හරහා LMS System එක ලබාදෙන නිසා ඒ තුළ Video Conference පහසුකම ද අන්තර්ගත වෙනවා.

e- තක්සලාව platform එකට ඩේටා සඳහා කිසිඳු මූල්‍ය වියදමක් දැරීමට සිදු නොවන නිසා කොවිඩ් වසංගතයෙන් පසුවත් දරුවන්ට LMS System නැත්නම් Video Conference තාක්ෂණය හරහා තම අධ්‍යාපන කටයුතු කරගෙන යා හැකියි.

ඉහතින් සඳහන් කළ සියලුම කාරණා ප්‍රායෝගික මට්ටමින් මේ වනවිටත් ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

– මාධ්‍ය ඒකකය

21,304 views

21 Comments to “‘ජාතික අරගලය දරුවන්ට ඉගැන්වීමයි.. එය පරාජය කරන්න එපා..’- නාමල් ගුරුවරුන්ට කියයි..”

  1. Saman says:

    Yanawa oni yana thanaka maka baliwa mehtana paw nodi. thopi thama rata kawe ai thope thatha aurudu 10 k hitiya dan da eduction online keranne saha kurulu idi keranne mathak une

  2. Polgahawela says:

    Yako ubalage anduwa those wada henda thama yakoo mehama une

  3. Hi says:

    මොන ජාතික අරගලයක්ද? අන්තර්ජාලය දීලා තනි තනිව කාමර වලට දාල දරුවන් ට විභාග කරන්න දෙන්න.
    ගුරුවරු එපා.

  4. Darshana abayakoon says:

    අති ගරු නාමල් තුමා ප්‍රමුක ගොඨාබය ආන්ඩුව විසින් කොවිඩ් පටන් ගන්න කොටම. සිසු දරුවන්ගේ ආරක්ශාව වෙනුවෙන් පාසල් වසා දැමුවත් ඔවුන්ගේ අධ්‍යපන කටයුතු කිසි ලෙසකින් වත් අඩාල නොවන පරිදි ක්ශනික ක්‍රියාමාර්ග රාශියක් ගත්තා.
    1.සියලු ගුරුවරුන්ට ලැප් ටොප් පරිගනකයක් ලබා දුන්නා.
    2. ගුරුවරුන්ට ඉගැන්වීම් කටයුතු සදහා අන්ලිමිටඩ් ඩේට පැකේජ් ලබා දුන්නා.
    3. මූල්ය දුශ්කරතා වලින් පෙලෙන සියලු සිසුන්ට ටැබ් පරිගණක ලබා දුන්නා.
    4. මූල්ය අපහසුතා ඇති සියලු සිසුන්ට ඩේටා සහන ලබා දුන්නා.
    5. 4G පහසු කම් අඩු ස්ථාන වලට ආවරණය වැඩි කරන්න රජයේ හා පුද්ගලික ආයතන සමග කටයුතු කරා ඒ සදහා බදු සහන ලබා දුන්නා.
    අති ගරු නාමල් තුමා අතුලු ආන්ඩුව මෙච්චර ක්‍රියා මාර්ග ඇරගෙන තියෙද්දි ගුරු වරු වර්ජනය කරන්නේ නිකන් අතින් වියදම් කරන් ස්මාට් ෆොන් අරන් ඩේටා කපාගෙන පිනට උගන්නනවා වගේ. වර්ජනය කරන ගුරුවරුන්ට ගැලපෙනම වචනේ තමයි අති ගරු කෙහෙලිය තුමා භාවිතා කරේ.

    • Harsha says:

      නාමල්ට දැන් තමයි ළමයි මටක් වෙලා තියෙන්නේ… කිබුල් කදුළු.. මහත්තයෝ අපපච්චි තමයි 1966 අයවැයෙන් ගුරුවරුන්ට ඇරියේ… අහන්න අයවැව කතාව..

  5. උපාසක says:

    මම දන්න විදිහට online ඉගැන්වීම ගුරුවරුන් ස්වෙච්ඡාවෙන්ම ආරම්භකල දෙයක්. ඒක අධ්‍යාපන අමාත්‍යාංශයේ හෝ රජයේ මැදිහත් වීමෙන් පටන් ගත්ත දෙයක් නෙවෙයි. ඒ සදහා අවශ්‍ය උපකරණ ලබාගෙන ඇත්තේ ගුරුවරුන්ගේ පෞද්ගලික මුදලින් වන අතර ඉන්ටර්නෙට් බිල් ගෙවන්නේද ඔවුන්ගේම මුදල් වලිනි.
    මෙවන් වකවානුවක වර්ජනයක් ආරම්භ කිරීම සුදුසු ක්‍රියාවක් නොවුණද ගුරුවරුන්ගේ ගැටලු පිළිඹදව අවධානය යොමුකිරීම බලධාරීන්ගේ වගකීමකි. මෙලොව සිටින සියලුම නිර්මාණ කරුවන්ගේ නිමැවුම් කරුවා වන්නේ ගුරුවරයායි. දේශපාලකයන් කියන පරිදි ඔවුන් කිසිදා කාළකණ්නි පුද්ගලයන් නොවේ.

  6. Jagath says:

    රජකරන අ න්තිම කාලේ පුතේ….. 😄.

  7. lol says:

    තොපිලා GMOA එකත් එක්ක එකතුවෙලා ලෙඩ්ඩු බිල්ලට තිබ්බ ඒවා මතක නැද්ද ?

  8. 3% ට බය බයියා. says:

    ආණ්ඩුවේ අරගලය ප්‍රජාතන්ත්‍රවාදය වල පල්ලට යැවිමයි.

  9. මරා says:

    ඔක්කොටම ඉස්සෙල්ල ගුරුවරුන්ට හිමි වැටුප ගෙවල ඉඳපන්… උඹලගේ බාප්පුච්චගෙ අමත්‍යන්ශ වලට මුදල් වෙන් කරන්න කලින්… ගුරුවරු ඉල්ලන්නෙ වැඩි පඩි නෙමෙයි ඔවුනට හිමි වැටුප….

  10. ගෝටා බය කවියා says:

    කේවල් කරන මහ ජගතා මම ආවා
    නාමල් නමැති ඔළමොට්ටළ කළුදෑවා
    බූවල්ලෙක් විලස මේ රට ලෙවකෑවා
    මඩුවල්ගෙන් තලා එළවන් ගූ නාවා

Main News