ජාතික ආණ්ඩුවක් යෝජනාව පාර්ලිමේන්තුවට.. සම්මත කරගෙන ඇමතිකම් 45න් කරගන්න සූදානම්..

January 28, 2019 at 3:22 am | lanka C news
ජාතික ආණ්ඩුවක් යෝජනාව පාර්ලිමේන්තුවට.. සම්මත කරගෙන ඇමතිකම් 45න් කරගන්න සූදානම්..

ජාතික ආණ්ඩුවක් ඇති කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව සම්මත කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මෙම කටයුත්ත සිදුවනු ඇති බවද වාර්තා වෙයි.

ජාතික ආණ්ඩුව සඳහා දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් එක්කර ගැනීමට මෙහිදී අවධානය යොමු වී ඇත.

ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය දැනට හිමිව ඇති මන්ත්‍රී ධුර සංඛ්‍යාව 108ක් වන අතර දෙමළ ජාතික සන්ධානය සිය ඡන්දය ලබා දෙන්නේ ඔවුන් විසින් තීරණය කරන ලද අවස්ථාවන්හිදී පමණි.

මේ තත්ත්වය මත ඉක්මනින් ජාතික ආණ්ඩුවක් පිහිටුවා පාර්ලිමේන්තුවේ බහුතර බලය සහතික කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

මෙමගින් කැබිනට් ඇමතිධූර සංඛ්‍යාව ද 45 දක්වා ඉහළ දමා ගැනීමට ද හැකියාව ලැබෙයි.

17 views

6 Comments to “ජාතික ආණ්ඩුවක් යෝජනාව පාර්ලිමේන්තුවට.. සම්මත කරගෙන ඇමතිකම් 45න් කරගන්න සූදානම්..”

  1. Upul says:

    Do these people ever thought that this life is a temporary one. The things you can carry to your next life will be, the good or bad deeds that you have done. It’s not the money that you greedily try to collect. If you guys think about this for a moment, then, this country and world would be a paradise to live.

  2. Nalaka says:

    මෛත්‍රී ත් යටින් උදව්…

  3. හැක හැක says:

    තවත් හොර හැත්තකට ඇමතිකම් දෙන්ඩයි මුන් මේ සෙප්පඩ විජ්ජා ඔක්කොම කරන්නෙ.
    ජාතික ආණ්ඩුවට එකතුවෙන අපතයො ටික ඔක්කොම අල්ලල අත පය බැඳල බේරෙ වැවට දාන්ඩයි තියෙන්නෙ.

  4. lanka says:

    Now what JVP can say?..😃

  5. gaps says:

    Chande thiyapan ko
    Thopila
    Ivari
    Amotiyot I vari
    Abaaaaa.

  6. කාලකන්නියා says:

    මේ කාලකන්නින්ට ජාතික ආණ්ඩු හදන්න ඕන කරන්නෙ ඇමතිකම් දෙන්නයි, ඇමතිකම කියන අල්ලස දීල රට කඩන ව්‍යවස්ථාව මොන උප්පරවැට්ටියක් හරි දාල සම්මතකර ගන්නයි විතරයි. නැතුව මේ ජනතාවට, රටට වැඩක් කරන්න නෙමෙයි. මේ වැඩේට සහය දෙන තොපි හැමෝම පිලිකා හැදිල කුනුවෙල වද විඳල මැරෙන්න ඕන.

Main News