ජාතික ආණ්ඩුවක් හදමුකෝ.. ඇමතිකම් වැඩි කරමුකෝ..- එජාපය ජනපති ළග වැද වැටේ..

February 5, 2019 at 9:20 am | lanka C news
ජාතික ආණ්ඩුවක් හදමුකෝ.. ඇමතිකම් වැඩි කරමුකෝ..- එජාපය ජනපති ළග වැද වැටේ..

නව ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පැහැදිලි කිරීමක් ඉදිරියේදී සිදු කරන බව සභානායක ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

ජාතික ආණ්ඩුවක් බිහිකිරීම සදහා අගමැතිවරයා තීරණයක් ගෙන ඇති බවත් ඒ සදහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම තම වගකීම බවත් ඔහු සදහන් කරයි.

ජාතික ආණ්ඩුවකට එජාප පසුපෙලද විශාල විරෝධයක් නොදක්වන බවත් ව්‍යවස්ථාවේ ඇත්තේ පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගත යුතු බවද ඔහු සදහන් කරයි.

මෙම තත්ව ජනාධිපතිවරයා සමගින් කතා කර බේරුමක් කර ගැනීමට හැකි බවත් කිරිඇල්ල මහතා කියා සිටී.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා ඊයේ දිනයේ නිදහස් දින උත්සවය අමතමින් කියා සිටියේ ඇමති ධුර වැඩි කර ගැනීමට ජාතික ආණ්ඩු පිහිටුවීමට තමන් විරුද්ද බවයි.

52 views