ජාතික ආණ්ඩුවට විරුද්ද වීමට ශ්‍රීලනිප තීන්දු කරයි.. පක්ෂ වන මන්ත්‍රීන්ට දඬුවම්..
February 5, 2019 at 4:40 pm | lanka C news
නැවතත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සදහා පාර්ලිමේන්තුව ඉදිරිපත් වී ඇති යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ද වීමට තීරණය කර ඇත.
ඒ අනුව එම යෝජනාවට සියළු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් විරුද්දව ඡන්දය භාවිත කල යුතු බවත් එසේ නොකරන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් එම පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ලේකම්වරයා මේ බව කියා සිටියේය.
දැනටමත් ආණ්ඩුව තුල සිටින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ එක් මන්ත්‍රීවරයෙක් සමගින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ කිසිදු හැකියාවක් නැතැයිද ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.
විනය ක්‍රියා මාර්ග ගැන නම් කියන්න එපා .දැන් ඕක කී සැරයක් කිව්වද.
නොකරන මන්ත්‍රීවරුන් ට බෙල්ලේ වදමල් පළදවා බෙරගසා වීදිවල ගෙනයමු