ජාතික ආණ්ඩුවට විරෝධය පා ශ‍්‍රීලනිප මන්ත්‍රීවරු 25ක් විපක්‍ෂයට..

February 22, 2018 at 10:43 pm | lanka C news
ජාතික ආණ්ඩුවට විරෝධය පා ශ‍්‍රීලනිප මන්ත්‍රීවරු 25ක් විපක්‍ෂයට..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය ජාතික ආන්ඩුව තව දුරටත් ඉදිරියට ගෙන ගියහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් 25කට ආසන්න පිරිසක් විපක්‍ෂයට එක් වන බව සහතික කර ඇතැයි පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මන්ත‍්‍රීවරයා එහිදී මෙසේද පැවසීය.

2015 සැප්තැම්බර් 03 දා අගමැතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවෙන් කියන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ගණනක් දිනා ගෙන සිටින එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (4) වගන්තිය අනුව   කැබිනට් ඇමති ධූර ගණන 48 ක් ද කැබිනට් නොවන ඇමති ධූර ගණන 45 ක් ද ලෙසින් වැඩි කිරීමට  පාර්ලිමේන්තුව තීරණය කරයි. අගමැතිතුමන් ඉංග්‍රීසි බසින් ඉදිරිපත්කල යෝජනාවේ සිංහල අදහස ඒකයි.

අගමැතිතුමන් මෙහිදී කවුරුන් සමග ද ජාතික ආණ්ඩුවක් බිහි කලේ කියන එක ප්‍රකාශකර නැහැ.

තමන් ජාතික ආණ්ඩුවක් හැදුවේ කා සමගින්ද නොකියා එමෙන්ම ලිඛිත ගිවිසුමක් ද ඉදිරිපත් නොකර මේ ආණ්ඩුව දිගටම කරගෙන යන්න ඉඩ දීමට ඊයේ දින කතානායක වරයා තීරණය කලා. එය සමස්ථ පාර්ලිමේන්තුවේ අනාගතයටම කරපු නරක පුර්වාදර්ශයක්. මොකද අගමැතිවරයෙකුට පාර්ලිමේන්තුවේ සරල බහුතරය තියෙනවා. සරල බහුතරය නැතිනම් ඔහුට අගමැති තනතුර දරන්න හම්බෙන්නේ නෑ. එහෙමනම් මේ යෝජනාව සම්මත කරන්න අවශයි කියන්නේ සරල බහුතරයයි.   මේ අනුව අනාගතයේ ඕනෑම අගමැතිවරයෙකුට කියන්න පුළුවන් මම ජාතික ආ’ණ්ඩුවක් සාදා ඇත. මට ඇමැතිමණ්ඩලය සීයක් කල යුතුයි කියලා. එවිට 113 අත එසවෙනවා. මොකද ඒ ගොල්ලන්ට ඇමැතිධුර හිමි වෙන නිසා. එවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කැබිනට් ඇමතිවරු 30 දක්වාත් කැබිනට් නොවන ඇමතිවරු 40 දක්වාත් සීමා කළ යුතුය යන වගන්තිය පුස්සක් බවට පත්වෙනවා.

මේක හරියට ඉදිරිපස දොර යතුරු දා වහලා පිටු පස දොර ඇරල දෙනවා වගේ වැඩක්. මේ පිලිවෙත වලක්වන්න පුලුවන් එකම ක්‍රමය තමයි, ජාතික ආණ්ඩුවක් හැදුව කිව්වට මදි. මේ ජාතික ආණ්ඩුවේ පාර්ශව කරුවන් කවුරුන්ද කියන එකට ලිඛිත සාක්ෂි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුතුයි කියන එකයි.

අපි මේ ගැන ‍මතු කරහම පාර්ලිමේන්තුවේ අගමැතිතුමන් ගේ මතය වුනේ එංගලන්තයේ මීට කලින් දෙවතාවක් ජාතික ආණ්ඩු හදලා තියෙනවා නමුත් ඒ එක් අවස්ථාවක්වත් ලිඛිත ගිවිසුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර නැති බවයි. නමුත් එංගලන්තයේ ඇමති ධූර සංඛ්‍යව 30 ට සීමා කරල නෑ. ඒ නිසා හොර පාරවල් හදලා ජාතික ආණඩුවේ ඇමැතිධුර ගැනීමට අවශ්‍යතාවයක් නෑ.  ජාතික ආණ්ඩුවක අමාත්‍යධූර 30 කියා ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනයක්  නොමැති නිසා ව්‍යවස්ථාව උල්ලංඝණය වීමත් එහිදී සිදුවුනේ නෑ. ඒ වගේ ම එංගලන්තයට ලිඛිත ව්‍යවස්ථාවක් නෑ. ඔවුන් සම්ප්‍රදායන්ට ගරු කරමිනුයි රට පාලනය කරන්නේ. ඒ වගේම ඔවුන් සම්ප්‍රදාය අකුරට රකිනවා. ඒ නිසයි ජනමත විචාරණය පරදින විට ඩේවිඩ් කැමරන් ඉල්ලා අස්වෙන්නේ. නමුත් එංගලන්ත සම්ප්‍රදාය මේ කාරණය අරභයා නම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට කිසිසේත්ම අදාල නැහැ. ඒ නිසා අගමැතිතුමන් ගිවිසුම සඟවන්න ගෙනා කාරණයන් හරිම අථාර්කිකයි. එතුමන්ට එංගලන්ත සම්ප්‍රදාය අවශ්‍යනම් ඉල්ලා අස්වීම් පිලිබද එංගලන්ත සම්ප්‍රදාය ආදර්ශයට ගන්න පුළුවන්. නමුත් එතුමන් ඒ කාරණය ගැන නම් හැරිලවත් බලන් නෑ.

කෙසේ වෙතත් අනාගතයේ බිහිවණ ආණ්ඩුත් ඇමතිමණ්ඩුල්ල 30 කට සීමා නොකර හිතූ මනාපයෙන් පත්කරගැනීම නැවැත්වීමට නම් ජාතික ආණ්ඩුවක් හැදුවා කියන එක විතරක් ප්‍රමානවත් නෑ. කා සමග ද? කොතරම් කාලයකට ද ? යන්න ලිඛිතව පාර්ලිමේන්තුවට දැන්වීම අවශ්‍යයි. ඒ වැදගත් සම්ප්‍රදාය බිහිකිරීම ඊයේ කථානායක තුමා අහිමි කිරීම ඇමති මණ්ඩලයේ බර අඩුකරලා බදුබර අඩු කරගෙන සැනසිල්ලේ ජීවිතය ගත කිරීමට අනාගතයේවත් ඉඩක් ලැබේවි කියලා මේ රටේ ජනතාවට සිහිනයත් තිබුනානම් ඒ සිහිනය ඊයේ අගමැතිතුමන් හා කතානායක තුමන් බොද කලා කියන එක අපි ඉතාම කණගාටුවෙන් සදහන් කරනවා.

– අරවින්ද අතුකෝරල

140 views

29 Comments to “ජාතික ආණ්ඩුවට විරෝධය පා ශ‍්‍රීලනිප මන්ත්‍රීවරු 25ක් විපක්‍ෂයට..”

  1. Senarath says:

    රනිලුත් පොහොට්ටුවට පනිනවා කියල ආරංචියි ?

  2. Sanjay g says:

    SLPP with Joint Opposition won without any MY3. wing members = so please don’t take them = let whole lot join to UNP with MY3

    then very easy to fight sake of the Country from Opposition

    Jayaweva !

  3. සෝම සමිඳු දෙසුවේනම් අපේ ජාතිය පැවතෙන්නේ විජයගෙන් නොවේ ඊට පෙර සිට පවත ආ ඍජු , බුදු දහම පවා අවබෝධ කරගත් බුද්ධිමත් පරපුරකින් බවයි ??????????……..

  4. David Milli-banda says:

    Yahapalanaya can not jail JO people and to win votes….
    What do you expect from thieves of Yahapalanaya who were robbing from day one. ???/

Main News