ජාතික ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති රාජිත, තෙල් ඇමති බදියුදීන් කරන්න සාකච්චා…
March 11, 2022 at 2:10 pm | lanka C news
පිහිටුවන්නට සූදානම් වන ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධුර පිහිටුවීම සඳහා මේ වන විට සහ ආණ්ඩුවේ අභ්‍යන්තර සාකච්ඡා සිද්ධවෙන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.
ඒ අනුව රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ඇමැති වනු ඇති බවත් රිෂාඩ් බදුයුදීන් මහතා බලශක්ති ඇමති වී මැද පෙරදිගින් ණයට ඉන්ධන ගෙන එනු ඇති බවත් මෙහිදී සාකච්ඡා සිදුවන බවත් හෙතෙම පැවසීය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් කරන ලදී.
සර්ව පාක්ෂික සමුළු යෝජනාව හරහා බැසිල් රාජපක්ෂ විසින් එක ගලෙන් කුරුල්ලන් 5 දෙනෙකු මරා දැමීමට සූදානම් වන බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ වසන්ත බණඩර මහතා මෙසේද පැවසීය.
”ඉන්දියාව ප්රමුඛ බෙදුම්වාදී බලවේග සහ දෙමළ ඩයස්පෝරාව බලපෑම් කරමින් ඉන්නවා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න. ඊට පස්සේ 13 වැනි ව්‍යවස්ථා සංශෝදනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න කියන දැඩි පීඩනය ආණ්ඩුවට එල්ල කරමින් තියෙනවා. මේක නිකන් රික්තකයක තියෙන දෙයක් නෙවෙයි. මේ බලපෑම ඇතුලේ මේ යෝජනා එනකොට තමයි අපිට සැක උපදින්නේ. මේ අතරේ බැසිල් රාජපක්ෂ මහතා හදනවා මේ හරහා ඔහුගේ දුෂ්ඨ අරමුණු 5ක් ඉටුකරගන්න. ඒ් කියන්නේ එක ගලෙන් කුරුල්ලන් 5 දෙනෙක් මරා ගන්න.
පළමු අරමුණ තමයි සර්ව පාක්ෂික සමුළුව හරහා අර කියන ජාතික ආණ්ඩුව පිහිටුවීම. ඒතකොට ඒක ආණ්ඩුවේ යෝජනාවක් නෙවෙයි සර්ව පාක්ෂික සමුළුවේ යෝජනාවක්. ඒ් ආණ්ඩුව ඇතුලේ ඉන්නේ කවුද රාජිත සේනාරත්නලා රිෂාඩ් බදුර්දීන්ලා වගේ අය. ඒක ජනවරමට සම්පූර්ණයෙන්ම පටහැනි ක්‍රියාවලියක්. මේ දුෂ්ඨ ක්‍රියාවලියට ගොදුරැ වෙන්න ඒපා කියලා අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
දෙවැනි අරමු ණ තමයි මේ මොහොතේ මතුවෙලා තියෙන ආණ්ඩු විරෝධය සමනය කර ගැනීම. ඒක සමනය කරගන්නේ කොහොමද මහජනයා තුළ සර්ව පාක්ෂික සමුළුව හරහා සුබවාදී හැගීමක් ඇතිකිරීමෙන්. දැන් එළුවගේ අහවල් ඒක වැටෙයි කියා මහජනයා ඒ් දෙස බලා ඉන්නවාත ඒක බැසිල්ගේ මනෝවිද්‍යාත්මක උපක්‍රමයක්.
තුන්වන අරමුණ තමයි අයි.එම්.එෆ් වාර්තාවට සර්ව පාක්ෂික සමුළුවේ අනුමැතිය ලබාගැනීම. දැනුත් අයි.එම්.එෆ් යෝජනා තමයි ක්‍රියාත්මක කරමින් ඉන්නේ. පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව, කැබිනට් මණ්ඩලේ අනුමැතියකින් තොර මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහත්තයාගේ තීරණය කරනවා රුපියල පා කරන්න. ඒ් අනුව බඩුමිල ඉහළ යනවා. ඔහු මේ යෝජනා ක්‍රියාත්මක කරලා රටේ ආර්ථිකය තවත් අමාරු අඩියකට ගෙනත් තියෙනවා. මේ සියල්ලේ උරුමය සර්ව පාක්ෂික සමුළුව මත පටවා අත පිස ගැනීම තමයි ඔහුගේ තුන්වන අරමුණ.
හතරවන අරමුණ තමයි දැනට මේ ආණ්ඩුවේ මග නිවැරදි කරන්න කියලා දේශපාලන පක්ෂ 11ක් එකතුවෙලා සමගි සන්ධානයක් හදාගෙන තියෙනවා. ඒක ඇතුලේ අර්බුද නිර්මාණය කිරීම තමයි හතරවන උවමනාව. ඒක දුර්වල කරන්න, ඒක බිදවට්ටන්න තමයි ඔහුගේ හතරවන අරමුණ
පස්වන අරමුණ තමයි එම පක්ෂ විසින් ඉදිරිපත් කරා තියෙන මුළු රටම හරි මගට කියන යෝජනාවලිය පිළිබඳ සමාජයේ මතුවෙලා තියෙන සංවාදය යටපත් කිරීම.
ඔය මොන මගුලක් ගැන කථා කරන්න ප්‍රථම අර pahara කපුටාස්ව වහාම පන්නා දමන්න ක්‍රමයක් සොයා බලන්න
Racist idiots like this speaker is the reason why Sri Lanka has gone to dogs.
අනෙ පලයන් මෝඩ මූසල එන්ජිඕ කුක්ක, පොහොට්ටුව වට්ටන්න ඔය බොරු බේගල් වලින් බෑ.
IS NOT THERE A MORE SERIOUS CRIMINAL / FRAUDSTER FOR THE POST OF PM