ජාතික ආණ්ඩුව අවසන්.. එජාප තනි ආණ්ඩුවක්..

April 7, 2018 at 10:00 am | lanka C news
ජාතික ආණ්ඩුව අවසන්.. එජාප තනි ආණ්ඩුවක්..

ජාතික ආණ්ඩුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් ඉන් ඉවත්ව යෑමට ගත් තීරණයත් සමග තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමේ සූදානමක් පවතී.

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේදී ඊට සහය දැක්වූ ශ්‍රීලනිපයේ මැති ඇමැතිවරුන් ඇතුළු 16 දෙනා සිය තනතුරු අත්හැර විපක්ෂයට යෑමට ගත් තීන්දුවත් සමග තනි එජාප ආණ්ඩුව පිහිටුවීමේ අවදානම මතුවී තිබෙන බව ආණ්ඩුව අභ්‍යන්තරයේ ශ්‍රීලනිප ආරංචි මාර්ග සඳහන් කරයි.

විශ්වාසභංග යෝජනාවෙන් අගමැති වික්‍රමසිංහ ජයග්‍රහණය කර ඇති බැවින් තනි එජාප ආණ්ඩුවක් ලෙස ඔවුන්ගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට ඉඩදී සන්ධානයේ කණ්ඩායම එහි වගකීමෙන් ඉවත්වීම වඩාත් සුදුසු බව තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටින ශ්‍රීලනිප කණ්ඩායමේද අදහස වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා ඉවත්ව යෑමත් සමග ආණ්ඩුවට බහුතරය අහිමි වී වන බැවින් ඉදිරි ආණ්ඩුව දුර්වල ආණ්ඩුවක් වන බවද දේශපාලන විචාරකයෝ පවසති.

– lakbima

11 views

8 Comments to “ජාතික ආණ්ඩුව අවසන්.. එජාප තනි ආණ්ඩුවක්..”

  1. daminda says:

    balu porayae kelawara ratae malagama………

  2. Siritunga says:

    අවුරුදු තුනක් ගිහිල්ලත් තාම ආණ්ඩුවක් හදගන්න ට්‍රයි එක…
    රටකට ගිය කලක්.

  3. Aurora says:

    ජනාධිපතිට කොන්ද පණ තියේනම් කරන්න තියෙන්නේ එකම දෙයයි. එනම් SLFP සහ UPFA නායකත්වයන් අතහැරලා මහින්ද මැතිතුමා වෙත එම පක්ෂ දෙක නිදහස් කරණ එකයි. එහි ප්‍රතිඵල ක්ෂණිකයි.
    ප්‍රතිපල අංක 1. විපක්ෂ නායක කම මහින්ද මැතිතුමා වෙත ලැබෙනවාත් සමඟම රනිල්ගේ බටහිර සහ ඉන්දියන් ස්වාමිවරු රනිල් මරාගෙන කනවා ඇත.
    ප්‍රතිපල අංක 2. ජනාධිපති මෙතෙක් කරණලද පව් කොටසක් හෝ ජනතාව වෙතින් කමා කරවා ගත හැකිය.
    ප්‍රතිපල අංක 3. SLFP මන්ත්‍රීවරු හට ආණ්ඩුවට එක්වීමේ පව් කොටසක් හෝ ජනතාව වෙතින් කමා කරවා ගත හැකිය.
    ප්‍රතිපල අංක 4. UNP මන්ත්‍රීවරුන්ගේ වාචාල කතා වලට SLFP මන්ත්‍රීවරු හට පිළිතුරු දීමට හැකිය.
    ප්‍රතිපල අංක 5. රනිල්ට 2/3 නැතිවන නිසා ආණ්ඩුක්‍රම අටමගල ගෙනඒමට නොහැකිවීම මත බටහිර සහ ඉන්දියන් ස්වාමිවරු රනිල් මරාගෙන කනවා ඇත.
    මේ සඳහා සිරිසේන ජනාධිපති සුදානම්ද? නිර්භයද? UNP මන්ත්‍රීවරුන්ගේ වාචාල කතා ඉදිරියේ ඔළුව තවදුරටත් පත්කරගෙන ඉන්න තරම් නිවටනම් හෝ බටහිර සහ ඉන්දියන් ස්වාමිවරු හට බයනම් SLFP සහ UPFA නායකත්වයන් අතහැරලා මහින්ද මැතිතුමා වෙත එම පක්ෂ දෙක නිදහස් කරණ එක කල නොහැකිය.

  4. Upali says:

    මෙවන් විකුර්තියක් දේශපාලන ඉතිහාසයේම නැත.නායකයෝ රජය ස්තාවර කර ගන්න ඊලඟ මැතිවරනය ලන් වනතෙක්ම උත්සාහ කරති. මොවුන්ට රටට වැඩ කිරීමට හෝ කල හානී නිවැරිදි කර ගැනීමට හෝ , වේලාවත් ඇතිද. රැස්වෙන්නේ ඔවුන්ගේ තනතුරු වෙනස් කිරීම හෝ පුටු බෙදා ගැනීමට පමනි.

  5. Saradiel says:

    පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් තිබිය යුතුය

  6. sinha le says:

    රට ජාතිය ආගම බේරගන්න නම් රනිල්ට බලය නොදිය යුතුය මහනායක හිමිවරු මෙයට ඉදිරිපත් විය යුතය

  7. Pina says:

    හුටා…. කෙලීයිද තාප්පෙටම… ගමේ ගිහින් සුම්මා. ආයිත් නම් අප්පච්චි ගනීද මාව මම උන්දෙට කියපුවාට. කමක් නෑ ගහන එකක් නෑනේ. ගිහින් කකුල් දෙකම අල්ලල වදිනව අඬාගෙන. මොනව උනත් අප්පච්චි මුන් ඔක්කටම වඩා හොඳ යි.

  8. Asaranaya says:

    බැදුන්කර හොරා නිදහස් කිරීමට උපදෙස් දුන් මයිතූන පඹයා දැන් ශපාන් එකේ ජොලියෙ ගිමන් හරියි, වෙනස සැපයිනේද මචෝ , හා..ද

Main News