අද ජාතික ආණ්ඩුවේ අන්තිම දිනයයි.. අදින් දීගය අවසන්.. හෙට සිට අළුත් ආණ්ඩුවක්..

April 4, 2018 at 4:40 pm | lanka C news
අද ජාතික ආණ්ඩුවේ අන්තිම දිනයයි.. අදින් දීගය අවසන්.. හෙට සිට අළුත් ආණ්ඩුවක්..

අද රාත‍්‍රි 09.30න් පසු එක්සත් ජාතික පක්‍ෂ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජාතික ආණ්ඩුව අවසන් යයි පාර්ලිමේන්තුවේදී විශ්වාස භංග විවාදය අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

විශ්වාසභංග ඡුන්ද විමසීමෙන් පසු විපක්‍ෂයට කුණු බිත්තර ගැසීම සදහා පිරිසක් පාර්ලිමේන්තුව එලියේ සිටින බවත් මන්ත‍්‍රීවරයා කීය.

අද විශ්වාස භංගයෙන් පසු එක්සත් ජාතික පක්‍ෂයද දෙකඩ වීම කිසිවෙකුට වැළැක්විය නොහැකි වනු ඇතැයිද ඔහු සදහන් කලේය.

මේ අතර වාර්තා වන්නේ විශ්වාසභංග යෝජනාවට කුමක් වුවද නව ආණ්ඩුවක් බිහිවනු ඇති බවයි.

විශ්වාසභංගයෙන් අගමැතිවරයා ජයග්‍රහණය කළහොත් ශ්‍රීලනිපය ආණ්ඩු‍වෙන් ඉවත්වීමට තීරණය කර ඇති අතර ජාතික ආණ්ඩුව එවිට අහෝසි වෙයි.

කෙසේ වෙතත් ජාතික ආණ්ඩුවක් නොවන තත්වයකදී කැබිනට් ඇමතිවරුන් 30ක් හා නියෝජ්‍ය, රාජ්‍ය අැමතිවරුන් 45ක් ලෙස සීමා විය යුතුය. මේ වන විටත් එක්සත් ජාතික පක්‍ෂයේ පමණක් කැබිනට් ඇමතිවරුන් 31ක් සිටී.

11 views

6 Comments to “අද ජාතික ආණ්ඩුවේ අන්තිම දිනයයි.. අදින් දීගය අවසන්.. හෙට සිට අළුත් ආණ්ඩුවක්..”

  1. සිංහල කොන්ග්‍රස් says:

    මේ විස්වාස භංගයෙන් රනිල් දින්නොත් ජනතාවට සහ රටට හොද කිහිපයක් සිද්ද වෙනවා.
    1) ශ්‍රිලනිප ය අාණ්ඩවෙන් ඉවත් වී විපක්ෂයට යන නිසා විපක්ෂය බලවත් වෙනවා.
    2) අාණ්ඩුවට 2/3 කේ බලය නැති වෙනවා.
    3) පරයන්ට ඔිනා විදිහට අන පනත් සම්මත කොරන්න බැරි වෙනවා.
    4) බැඳුන්කර හොරා රනිල් දිගටම අගමැති නිසා එජාප විනාස වෙනවා.
    5) බොරු විපක්ෂ නායක තොලොංචි වී රටට අාදරේ විපක්ෂ නායක කෙනෙක් පත් වෙනවා.

  2. සිංහල කොන්ග්‍රස් says:

    කකුල් දෙක දෙක දෙපැත්තේ තියාගත් චිට් අැමතිලා නිසා රනිල් දිනා රටට සහ ජනතාවට හොඳක් වෙනවා.
    1) ශ්‍රිලනිප ය අාණ්ඩවෙන් ඉවත් වී විපක්ෂයට යන නිසා විපක්ෂය බලවත් වෙනවා.
    2) අාණ්ඩුවට 2/3 කේ බලය නැති වෙනවා.
    3) පරයන්ට ඔිනා විදිහට අන පනත් සම්මත කොරන්න බැරි වෙනවා.
    4) බැඳුන්කර හොරා රනිල් දිගටම අගමැති නිසා එජාප විනාස වෙනවා.
    5) බොරු විපක්ෂ නායක තොලොංචි වී රටට අාදරේ විපක්ෂ නායක කෙනෙක් පත් වෙනවා.

  3. Arunalis says:

    Hon Wimal weerawansa and Udaya Gammanpila are going to wake up tomorrow morning with a new pri minister in Sri Lanka.They were so confident.
    Thank you for that ever reliable prediction.

Main News