ජාතික ආණ්ඩුව අහෝසියි.. වේලාසනම රනිල්ගේ අගමැතිකම නැතිවෙයි…

April 1, 2018 at 1:20 pm | lanka C news
ජාතික ආණ්ඩුව අහෝසියි.. වේලාසනම රනිල්ගේ අගමැතිකම නැතිවෙයි…

විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් නොවීම හේතුවෙන් එජාපය සහ ශ්‍රීලනිපය එක්ව පිහිටුවනු ලැබූ ජාතික රජය අප්‍රේල් 04දායින් පසු අහෝසි වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.

එක් පුද්ගලයෙක් හේතුවෙන් ජාතික රජය බිඳ වැටීම සිදු නොවිය යුතු බැවින් අගමැතිවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස ජාත්‍යන්තර මෙන්ම මෙරට පාර්ශ්ව ගණනාවක් ඉල්ලා තිබිණ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසභංග යෝජනාව පරාජයට පත් වුවහොත් බහුතරයේ විශ්වාසය දිනා ගත හැකි අයෙක් ඒ සඳහා පත් කිරීමට ජනාධිපතිවරයාට සිදුවේ. එසේම අගමැතිවරයා විශ්වාසභංගය ජයග්‍රහණය කළද එවිට ශ්‍රීලනිප කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වන බැවින් ඔහුට 113ක බහුතරයක් පෙන්වීමට නොහැකි වන නිසා බහුතරයේ විශ්වාසය ඇති අයෙක් අගමැතිවරයා ලෙස නම් කිරීමට ජනාධිපතිවරයාට සිදුවේ. මේ හේතුවෙන් අගමැතිවරයා විශ්වාසභංගය ජයග්‍රහණය කළද පරාජයට පත් වුවද ජාතික රජය අප්‍රේල් 04 වැනිදායින් අවසන් වේ.

මේ අතර ජාතික රජය බිඳ වැටීම වැළැක්වීම සඳහා අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙස දැනුම් දීමට සුළු ජාතික පක්ෂද කටයුතු කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂය සමග දීගය ඉදිරියට පවත්වාගෙන යෑමට නොහැකි බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

එසේම එක්සත් ජාතික පක්ෂය සන්ධානගතවී සිටින එක්සත් ජාතික පෙරමුණේ පසුගිය සතියේ පැවැති පක්ෂ නායක රැස්වීමට රාවුෆ් හකීම් මහතා සහභාගි වී තිබුණේද නැත.

සංජය නල්ලපෙරුම
– lakbima

95 views

8 Comments to “ජාතික ආණ්ඩුව අහෝසියි.. වේලාසනම රනිල්ගේ අගමැතිකම නැතිවෙයි…”

  1. kuruppu says:

    lokko deannama rata rewttuwa saha weda nokota pin padi gattu sarath amunugama, s.b.,( udarata aya nam mokuthama kale netha) susil, anura priya, dilan, ravi, mangala, sagala, daya,,, aswiya yuthuya

    BE BEHe tax tax……danawa ……witarai tax gewanawada me minissu ???? okkomadewal nikan kaka sepa windina me siyallama elawa damamu

    • anurada says:

      විශ්වාස භංගයට පක්ෂව ඡන්ද 103යි….විරැද්ධව ඡන්ද 109යි….විරැද්ධ පක්ෂයට එක්සත් ජනතා නිදහස් සන්ධානයට.පොහොට්ටුව සුනේ සුන්

      • anurada says:

        2020 දී හංස පොදු අපේක්ෂකයා චම්පික බුලත් කොළයෙන් රතන පොහොට්ටුවෙන් ගෝඨාභය හෝ විජේදාස?…කොහොමද සිංහල ඡන්ද කඩන යටිකූට්ටු රනිල්ගේ විශ්වාස භංගය..

  2. PISSU PUSHA says:

    We wants to have new parliament without this mega foot note gang and batalanda killer

    • kudabanda says:

      no my friend president is not a workaholic… he talks and suggests but nothing happens just we have to pay thousands as taxes for the slt phone alone ….unseen taxes you might not know
      … see his telecom brothers salary???? children are running companies,,, other brother decide the rice price for the country
      he travels all over the world sign agreements BUT NO RETURNS good gentleman but not a worker wasted 3 years of my country

    • Asaranaya says:

      දුක හිතෙනවා අගමැටියට වුනදේ ට,
      සිතුවේ නැතැ පුරසාරම ඔහුගේ කට
      කල කල දේ පල පලදේ සිතුනි මට,
      සිරගෙට පාර කැපිලා ලිච්චවි යාට

    • sirimanne says:

      no my friend president is not a workaholic… he talks and suggests but nothing happens just we have to pay thousands as taxes for the slt phone alone ….unseen taxes you might not know
      … see his telecom brothers salary???? children are running companies,,, other brother decide the rice price for the country
      he travels all over the world sign agreements BUT NO RETURNS good gentleman but not a worker wasted 3 years of my country

  3. Saradiel says:

    අපේ පුජනිය සගරුවන් සිරබාරයට ගත් එකේ විපාකය

Main News