ජාතික ආණ්ඩුව ගැන පිවයරතක් ගන්න ජනපති සූදානම්.. සොයා බලන්න අමුණුගම කමිටුව පත් කරයි..

April 14, 2018 at 6:28 am | lanka C news
ජාතික ආණ්ඩුව ගැන පිවයරතක් ගන්න ජනපති සූදානම්.. සොයා බලන්න අමුණුගම කමිටුව පත් කරයි..

එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පෂක්‍ය අතර අත්සන් තබා ඇති ජාතික ආණ්ඩුව සම්බන්දයෙන් ඉදිරියේ ගත යුතු ක‍්‍රියාමාර්ග ගැන කටයුතු කිරීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඇමති සරත් අමුණුගම මහතා පත් කර ඇත.

අමැති අමුණුගමගේ නායකත්වයෙන් යුතු පස් දෙනෙකුගේ කමිටුවක් මීට නම් කර ඇත.

මෙම පත් කිරීමේ අරමුණ වන්නේ එජාපය හා ශ‍්‍රීලනිපය අතර ඇති එකඟතාවන් ගැන අවධානය යොමු කිරිමයි.

පක්‍ෂ දෙක අතර ජාතික ආණ්ඩුව 2015 අගෝස්තු 21 වන දින අත්සන් තබන ලද්දේ වසර දෙකක නිශ්තිත කාලයක් සදහායි.

මේ වන විට ගිවිසුම අහෝසි වී මාස 08 කට ආසන්න කාලයක් ගෙවී ගොස් තිබේ.

40 views
Main News