ජාතික ආණ්ඩුව පිලිගනී.. අගමැති යෝජිත ශ්‍රීලනිප ඇමති ලයිස්තුව ජනපතිට යවයි.. යෝජිත ශ්‍රීලනිප ඇමතිලා මෙන්න..
March 26, 2019 at 10:00 am | lanka C news
දැනට ආණ්ඩු පාර්ශවය නියෝජනය කරමින් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සිවු දෙනෙකුට ඇමතිධුර ලබා දීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නම් ලයිස්තුය යොමුකර තිබේ.
එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ විජිත් විජයමුණි සොයිසා, පියසේන ගමගේ, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ඒ එච් එම් ෆවුසි යන මන්ත්රීවරුනට මෙසේ ඇමතිධූර ලබා දීම සඳහා යෝජනා කර ඇති බවයි.
එක්සත් ජාතික පක්ෂය විසින් නැවතත් ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇතැයි යන මතයේ සිට කැබිනට් ඇමති ධුර වැඩිකර ගැනීමට ඉල්ලමින් මෙම යෝජනාව ජනාධිපතිවරයාට යොමු කර ඇත.
එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ ජාතික ආණ්ඩුව පිලිගනිමින් ඇමති පිරිස වැඩි කිරීමට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට අමාත්‍ය ධුර ලබාදීමට ජනාධිපතිවරයා අකමැත්තක් නොමැති බව ප්‍රකාශ වී ඇති බවයි.
පාර්ලිමේන්තුවේ තවත් පක්ෂයක් සමග එක්ව ජාතික ආණ්ඩුවන් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය මේ වන විටත් සාකච්චා කරමින් සිටී.
ratata Hena gahuwath munta moko…!!! Wal ballo set ekak dan harak gaale inne